
ප්‍රාදේශික ව්‍යවහාර
අවබෝධය
1. ප්‍රාදේශික ව්‍යවහාර යනුවෙන් අදහස් කරන්නෙ කුමක් ද ?
ප්‍රදේශයෙන් ප්‍රදේශයට විශේෂ වූ භාෂා ව්‍යවහාර ‘ප්‍රාදේශික ව්‍යවහාර’ යන නමින් හැදින්වේ.
2. මොනරාගල ප්‍රදේශයේ යමකුට විධානයක් දෙන ජන වහර කෙසේද ?
‘පං’ යන සාමාන්‍ය ජන වහරේ රීතිය වෙයි.’ප’ පමණක් යෙදීම මොනරාගල ජන වහර වෙයි.
කරපං – කරප
බලපං – බලප
3. එහි විධානයක් ආදරයෙන් පැවසීමේ දී දැකිය හැකි විශේෂ ලක්ෂණය කුමක්ද ?
අදාළ විධානයට ‘කොයි’ යන පදය එකතු කිරීම.
වරෙං – වරෙංකොයි
4. මොනරාගල වැසියන් යමකුගෙන් ප්‍රශ්නයක් අසන අයුරු පොදු සිංහල රීතියට වඩා වෙනස් යැ යි පවසන්නෙ කුමක් නිසා ද ?
සිංහලයෙහි සාමාන්‍ය රීතිය ‘ද’ යන්නක් එකතු කරයි.එහෙත් මොනරාගල ප්‍රදේශයේ හඩ උස් පහත් කිරීම මගින් ඔවුන් ප්‍රශ්නය යොමු කරයි.
5. පහත සදහන් පොදු සිංහල වචන සදහා යෙදෙන ප්‍රාදේශික ව්‍යවහාර පාඩමෙන් උපුටා ලියන්න.
දොරවල් – දොරං
බීවා – බුන්නා
ඉර පෑව්වා – ඉර පෑයිය , අව්ව පෑයිය
අඹ – පැපොල් , ගස්ලබු
පුහුල් – වට්ටක්කා
කුරුල්ලා – සකලයා