
සිංහල අක්ෂර මාලව
අවබෝධය,
පහත දැක්වෙන එක් එක් ප්‍රශ්නය සඳහා වඩාත් නිවැරදි උත්තරය දී ඇති වරණ අතුරෙන් තෝරන්න.
i. අක්ෂර මාලාවක් යනු,
(අ) සිංහල භාෂාවේ සියලු ම ශබ්ද ලියා දක්වන සංකේක්ත සමූහයයි.
(ආ) මුවින් නිකුත් වන භාෂාත්මක ශබ්ද සඳහා වන දෘෂ්ටිගෝචර සංකේත සමූහයයි.
(ඇ) අක්ෂර ලේඛනගත කිරීම සඳහා භාවිත වන ක්‍රමයකි.
(ඈ) සංකේත සමූහයකින් සැදුම් ලත් විශේෂ සටහනකි.
ii. අක්ෂර මාලාව ‘ හැඳින්වීම සඳහා යෙදෙන නමක් නොවන්නේ.
(අ) හෝඩිය
(ආ) අකාරාදිය
(ඇ) වර්ණ මාලාව
(ඈ) ශබ්ද මාලාව
iii. අන්තඃස්ථාක්ෂරයක් නො යෙදුණ වචනයක් සහිත වරණය තෝරන්න.
(අ) රුවල, වෛරය, සතුට, වලව්ව
(ආ) වරාය, රාවය, වහර, නවරිය
(ඇ) වේලාව, වීරයා, විවරය, විරල
(ඈ) විරිත, වාරුව, වීර්යය, වරල
iv. මුලින් දැක්වෙන අක්ෂර වර්ගයට අයත් අකුරක් නොයෙදුණ වචනය සහිත වරණය තෝරන්න.
(අ) මහාප්‍රාණ – ඵලදායි, ධර්මිෂ්ඨ, සන්දර්භය, බල ශක්තිය
(ආ) නාසික්‍ය – විඤ්ඤාණය, සම්භාව්‍ය, දණ්ඩනය, වර්ණනාව
(ඇ) අල්පප්‍රාණ – ග්‍රන්ථය, වස්තුව, දර්ශනය, අර්බුදය
(ඈ) සඤ්ඤක ළගපාත, දොඹ කරය, සඳ එළිය, ගී නඩ
v. ඌෂ්මාක්ෂර එකක් පමණක් යෙදුණ වචනයක් සහිත වචන පේළිය තෝරන්න.
(අ) විශේෂ, සුපුෂ්පිත, සිනහව, සහේතුක
(ආ) හාස්‍යය, සංහාරය, ප්‍රහර්ෂය, සිහිනය
(ඇ) නෂ්ටාවශේෂ, සහෝදර, බහුශ්‍රැත. හේෂාරවය
(ඈ) සන්තුෂ්ටිය,ස්වාභාෂාව,සාහිත්‍ය,ද්විභාෂා