බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය
ආර්ථික වෙන්ස්කම්
1. පෘතුගීසින්ට හා ලන්දේසීන්ට මෙරට පැවති සාම්ප්‍රදායික සමාජ ආර්ථික රටාවේ පුළුල් වෙනසක් ඇති කිරීමට නොහැකි වීමට හේතුව කුමක්ද ?
ඔවුන් මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තම බලය ගොඩනගා ගෙන සිටි සමයේ දිවයිනේ විශාල ප්‍රදේශයක උඩරට රාජධානියේ බලය ව්‍යාප්තව තිබූ නිසා ඔවුන්ට නොහැකි විය.
2. කෝල්බෲක් කොමිසමේ ආර්ථික ප්‍රතිසංස්කරණ 06 සදහන් කරන්න.
රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තික් යුතු යැයි නිර්දේශයක් ඉදිරිපත් කිරීම.
වැටුපට වැඩ කරන ශ්‍රමිකයන් පිරිසක් බිහි කිරීම.
සිවිල් නිළධාරීන්ට වතු වගාවට අවසර දීම.
කුරුදු හා ලුණු සම්බන්ධයෙන් රජයේ ඒකාධිකාරය අහෝසි කිරීම.
ඍජු බදු වෙනුවට වක්‍ර බදු හදුන්වා දීම.
ඉතිරි කිරීමේ බැංකුවක් පිහිටු වීම.
3.බ්‍රිතාන්‍ය පාලන සමයට පෙර මෙරට පැවති ගම් සභාව ඉටුකල කාර්යයන් 4 ක් සදහන් කරන්න.
සුළු ආරවුල් පැමිණිලි විභාග කිරීම
වැව් අමුණු නඩත්තු කිරීම
ඇළ වේලි සකස් කිරීම
පාරවල් හා වෙහෙර විහාර තැනවීම.
4. ඉඩම් භුක්ති රාජකාරි ක්‍රමය සහ අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය කෙටියෙන් විස්තර කරන්න.
ඉඩම් භුක්ති රාජකාරි ක්‍රමය :-
නිළධාරීන්ට ලැබුණු ඉඩම් වගා කිරීම සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණු අතර එකී ඉඩම් වගා කිරීම වෙනුවෙන් සේවය මගින් ශ්‍රමය සැපයීමට එම වගාකරුවන්ට සිදු විය.එය ඉඩම් භුක්ති රාජකාරි ක්‍රමය ලෙස හැදින්වේ.
අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය :-
රටේ වැඩිහිටි පිරිමි සියලු දෙනා ම වසරකට නියමිත දින ගණනක් කිසිදු ගෙවීමකින් තොරව රජුට අවශ්‍ය ශ්‍රමය සැපයිය යුතු විය. එය අනිවාර්‍ය සේවා රාජකාරි ක්‍රමය ලෙස හැදින්වේ.
කෝපි වගාව

1. කෝපි වගාවේ දියුණුවට බලපෑ හේතු 4 දක්වන්න.
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින් පසුව විදේශිකය වැඩි වැඩියෙන් කෝපි වගාවට ධනය ආයෝජනය කිරීම
යුරෝපා වෙළදපොලේ කෝපිවලට ඇති ඉල්ලුම ඉහල යාම
කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ ලැබිය හැකි වීම
ඉන්දියානු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නිසා වතු වගාවට ලාභදායි ලෙස ශ්‍රමය ලබා ගත හැකි වීම.
2. මෙරට කෝපි වගාවේ පරිහානියට බලපෑ ප්‍රබලම සාධකය කුමක්ද ?
හෙමලියා වෙස්ටර්ට්‍රික්ස් නම් දිලීරි රෝගය ශ්‍රීඝ්‍රයෙන් පැතිර යාම
3. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාර කෝපි වගාව දියුණු කිරීම සදහා ගත් ක්‍රියාමාර්ග 2ක් ලියන්න.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගෙ කාලයේදී කෝපිවලට අය කළ අපනයන බද්ද අඩු කිරීම.
වතු වගා කටයුතුවලට ශ්‍රමය සැපයූ කම්කරුවන් අනිවාර්ය රාජකාරි සේවා ක්‍රමයෙන් නිදහස් කිරීම.
සිංකෝනා හා කොකෝවා

1. කොකෝවා වඩාත් හොදින් වගාකළ හැකි වූයේ කුමන දිස්ත්‍රික්කයේද ?
මාතලේ දිස්ත්‍රික්කයේ
2. සිංකෝනා පැලෑටියෙන් ලබාගත් ප්‍රයෝජනය කුමක්ද ?
ක්විනින් නැමැති ඖෂධය නිපදවීම
3. කොකෝවා වගාව අසාර්ථක වීමට බලපෑ හේතුවක් දක්වන්න.
කොකෝවා සාර්ථකව වගා කිරීමට සෙවණ අවශ්‍ය වූ නිසා ඒ සදහ අමතර වියදමක් දැරීමට සිදු වීම.
තේ වගාව

1.මෙරට තේ වගා කිරීමට සුදුසු දැයි අත්හදා බැලීමක් කළ පුද්ගලයා හා එම තේ වගාව සිදුකල ප්‍රදේශය සදහන් කරන්න.
පුද්ගලයා :- ජේම්ස් ටේලර්
ප්‍රදේශය :- ලූල්කදුර වත්ත
2.තේ වගාවේ දියුණුවට බලපෑ සාධක 3 ක් සදහන් කරන්න
ලංකාවෙ තේ සදහා ලෝක වෙළදපොලේ හොද ඉල්ලුමක් පැවතීම.
වියළි කලාපය හැර සෙසු ප්‍රදේශ බොහොමයක් තේ වගාවට උචිත පරිසරයක් පැවතීම.
මාර්ග පහසුකම් දියුණු වීම නිසා ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වීම.
පොල් වගාව

1.පොල් වගා කිරීමේදි කැපී පෙනුණු ලක්ෂණය කුමක්ද.?
පොල් වගාව යනු අතීත කාලයේ සිට මෙරට පැවති ගෙවතු වගාවකි.යුරෝපීයන්ට වඩා ස්වදේශිකයන් පොල් වගාවට යොමු වීම විශේෂ කරුණකි.
රබර් වගාව

1.රබර් වගාව මෙරට ව්‍යාප්ත වීමට බලපෑ හේතු 2ක් ලියන්න.
රබර් වර්ග සොයා ගැනීම සහ නිෂ්පාදන ශිල්ප ක්‍රම වැඩිදියුණු වීම.
කෙටි කාලීනව තේ මිළ පහල යාම.
2.රබර් වගාව මුලින්ම ව්‍යාප්ත වූ දිස්ත්‍රික්කය නම් කරන්න.
කළුතර දිස්ත්‍රික්කය
3.පර්යේෂණ ආයතන පිහිටුවා ඇති ස්ථාන සදහන් කරන්න.
තේ පර්යේෂණ ආයතනය :- තලවකැලේ
රබර් පර්යේෂණ ආයතනය :- අගලවත්ත
පොල් පර්යේෂණ ආයතනය :- ලුණුවිල
සුළු අපනයන බෝග පර්යේෂණ ආයතනය :- මාතලේ
සමාජ වෙනස් වීම්
මධ්‍යම පන්තිය
1.බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ මෙරටට සිදු වූ සමාජ වෙනස්වීම් අතුරින් කැපී පෙනෙන ලක්ෂනය වූයෙ කුමක්ද ?
පැරණි ප්‍රභූ පන්තිය අභාවයට ගොස් නව මධ්‍යම පන්තියක් බිහි වීම
2.වතු වගාව මුල් කරගෙන බිහි වූ ආර්ථික ක්‍රමය නිසා ස්වදේශිකයන්ට ධනය ආයෝජනය කළ හැකි වූ ව්‍යාපාර 4 ක් සදහන් කරන්න.
කොන්ත්‍රාත්කරුවන් ලෙස කටයුතු කිරීම
මිනිරන් කර්මාන්තය
අරක්කු නිෂ්පාදනය හා බෙදා හැරීම
තොග හා සිල්ලර වෙළදාම.
3.වැවිලි ආර්ථිකයත් සමග බිහි වූ මධ්‍යම පන්තියට අයත් වූ පිරිස කවුරුන් දැයි සදහන් කරන්න.
නීතිඥ වෙද්‍ය
ඉංජිනේරු
මිනින්දෝරු
ලිපිකාර,සිවිල් සේවය
කම්කරු පන්තිය
1.බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරට ඇති වූ ආර්ථික වෙනස්කම් නිසා බිහි වූ කම්කරු පන්තිය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.ඔවුන් කවුරුන්දැයි නම් කරන්න.
ස්වදේශිය කම්කරුවන්
ඉන්දියානු වතු කම්කරුවන්
2.ස්වදේශිය කම්කරුවන් සේවය කළ ප්‍රධාන නගර 3 ක් නම් කරන්න.
කොළඹ
ගාල්ල
මහනුවර
3.ස්වදේශිය කම්කරුවන් ඉහත නහර ආශ්‍රිතව කරන සේවා කටයුතු 4 ක් සදහන් කරන්න.
බඩු බෑම
බඩු පැටවීම
රෙදි සේදීම
කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය
4.වෘත්තීය සංගම් පිහිටුවා ගනිමින් තම අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා නාගරික කම්කරුවන් සිදුකල කම්කටු සටන් සදහා උදාහරණ 3ක් ලියන්න.
කම්කරු වැඩ වර්ජනය
කොළඹ රෙදි සෝදන්නන්ගේ වැඩ වර්ජනය
කරත්තකරුවන්ගේ වැඩ වර්ජනය
5.නාගරික කම්කරුවන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරය හා වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති ව්‍යාපාරයේ නායකත්වය ගත් පුද්ගලයින් දෙදෙනා පිළිවෙලින් නම් කරන්න.
ඒ.ඊ ගුණසිංහ මහතා
නඩේස අයියර් මහතා
5.1922 දී පිහිටුවන ලද ලංකා කම්කරු සංගමයේ නායකයාගෙ නම කුමක්ද ?
ඒ.ඊ.ගුණසිංහ මහතා
සංස්කෘතික වෙනස්වීම්
1.බටහිර සංස්කෘතියේ ඇතැම් අංග මෙරට තුළ පැතිර යාමට බලපෑ සාධක 3ක් ලියන්න.
කෝල්බෲක් ප්‍රතිසංස්කරණ වලින්
මිෂනාරි පාසල් වලින්
බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත වීම
2.මෙරට තුළ ව්‍යාප්ත වූ බටහිර සංස්කෘතික අංග 4 ක් සදහන් කරන්න.
ආහාර පාන
ඇදුම් පැළදුම්
ආකල්ප හා සිරිත් විරිත්
ඉංග්‍රීසි භාෂාව
3.බ්‍රිතාන්‍ය පාලනය නිසා ඇති වූ යහපත් හා අයහපත් ප්‍රතිඵල 2ක බැගින් ලියන්න.
යහපත් ප්‍රතිඵල :-
පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය
ගමනාගමනය,සන්නිවේදනය දියුණු වීම.
අයහපත් ප්‍රතිඵල :-
සංස්කෘතික ලක්ෂණ පිරිහී යාම
ඉඩම් අහිමි ජනතාවක් බිහි වීම