
ආරාමයේ නිර්මාණය
අවබෝධය
1.සශ්‍රීක නගර හා සරුසාර ගම් අසල ආරාම ඉදි වීමට තුඩු දුන් හේතුව කුමක්ද ?
ගිහි පැවිදි ආශ්‍රය පහසුවෙන් නොකඩවා පවත්වා ගැනීමට
2.”සිද්ධීන් දෙක ම වූයේ දේවානම්පියතිස්ස සමයේ දී ය”මේ ප්‍රකාශයේ දැක්වෙන සිදුවීම් දෙක සදහන් කරන්න.
ලංකාවෙ ආරාමයක අංගයක් බවට පත් වූ ථූපාරාමය කරවිම
බුද්ධගයාවෙන් වැඩම කරවූ ශ්‍රී මහා බෝධි ශාඛාව මහමෙව්නා උයනෙහි රෝපණය කිරීම
3.සිවු දිගින් පැමිණෙන භික්ෂූන් සදහා කරවන ලද විහාරයකට අත්‍යවශ්‍ය අංග තුන නම් කරන්න.
චෙත්‍යය
ලැගුම් ගෙය
ධර්ම දේශනා ශාලාව
4.පැන් මඩිය,පාදෝණිය යන නම්වලින් හදුන්වනු ලබන ආරාම අංග දෙකෙහි කාර්යභාරය දක්වන්න.
පැන් මඩිය :- අත් දෝවනයට,මල් වට්ටියට පැන් ඉසීමට,බීමට
පාදෝණිය :- ආරාම භූමියට ඇතුලු වන්නට පෙර වන්දනාකරුවන් පා සෝදා ගැනීමටය
5. බෝ ගසක අත්තක් කැපීමට අවසර ලැබුනේ කවර අවස්ථාවන්හිද ?
චෙත්‍යයකට හෝ ප්‍රතිමාවකට හෝ ආසනඝරයකට හෝ බාධාවක් වූ විට.
දිරන හෝ දුම්මලකාරී ආදිය වෑස්සෙන හෝ අත්තක් කැපීම
අත්තක් මත වසන කුරුල්ලන් සෑය මත වසුරු හෙළතොත් එවිටද අත්තක් කැපීමට අවසරය තිබුණි.