
අවබෝධය
1. පොත බලමින් සිටි මහේන්ද්‍රගේ අවධානය පොතින් ගිලිහුණේ කුමන හේතුවක් නිසාද?
පාරේ වැඩ කරන මිනිසුන් කෙරෙන් සිනා හඬක් ඇසුනු නිසා
2. තමාගේත් කම්කරුවන්ගේත් දෑත් සසඳා බැලූ මහේන්ද්‍ර ලැජ්ජාවට පත් වූයේ ඇයි ?
දෑතේ රෝඹු ගස් වල රැඳුනු දහදිය බින්දු හිරු රැස් වැටී දිලිසීම සහ ඔවුන්ගේ අත්වල හා ළමැද මස් පිඬු මනා සේ කැපී පෙනෙන නිසා තමාගේ යුතුමාරකම ගැන ලැජ්ජාවක් මහේන්ද්‍රට ඇති විය
3.කම්කරුවන් සමග එක්ව පොළොව කොටන්නට සිතුණු සිතිවිල්ල ක්‍රියාවට නොහැකි ලෙස කථකයාට තිබූ බාධාව කුමක්ද?
ඔහුගේ සමාජ තත්ත්වය රීට බධාවක් විය
4. පාඩමේ විස්තර වන සංකේතයට අමතරව මෙම කෙටිකතාවේ අන්තර්ගත තවත් ප්‍රබල සංකේතයක් ලියන්න
මහේන්ද්‍ර විසින් ගොනාට කෑම සඳහා මදු වැල් ලබා දීම
5. කම්කරුවන් වැඩ කරන ස්ථානයට මහේන්ද්‍ර පැමිණි පසු ඔවුන් කරබා ගෙන වැඩෙහි යෙදෙන්නට ඇත්තේ කුමන කරුණක් නිසා විය හැකි ද?
කම්කරුවන් සහ මහේන්ද්‍ර අතර පැවති සමාජ පරතරය පිළිබඳව කම්කරුවන් තුල පැවති හැඟීම.
ලිඛිත අභ්‍යාස
1. පහත සඳහන් අනුක්ත පදවල උක්ත රූප ලියා දක්වන්න.
i.සේකරයන් – සේකරයෝ
ii. ශිල්පියකු – ශිල්පියෙක්
iii.ඔවුන් – ඔවුහු
iv. මිනිසුන් – මිනිස්සු
2. පාඩමේ සඳහන් පහත පද කුමන පද අයත් දැයි ලියා දක්වන්න.
i.විසින් – නිපාත
ii.වැඩුණු – පූර්ව ක්‍රියා
iii.සිටින –
iv.හාරමින් – මිශ්‍ර ක්‍රියා
v.සුකුමාර – උපසර්ග
3. සාර්ථක කෙටිකතාවක තිබිය යුතු ලක්ෂණ හතරක් ලියන්න.
සංකේත භාවිතය
කෙටිකතාව තුල මුල මැද අග මනා සේ ගැළපීම
කෙටි කතාව ඔස්සේ ආස්වාදයක් මෙන්ම ගැඹුරු ප්‍රඥාවක් ලබා දීම
එක් ප්‍රධාන චරිතයක් වටා කතාව ගොඩනැගීම
4. පහත සඳහන් වචන යොදා අර්ථවත් වාක්‍ය තනන්න.
i.එතුමා පරිකල්පන ශක්තිය උපයෝගී කරගනිමින් කෘති ගණනාවක් රචනා කළේය.
ii.රචකයා විසින් කියවන්නා තුල ආස්වාදයක් ඇති කරයි.
iii.ඔහුට ඉතා විශිෂ්ට ප්‍රතිභා ශක්තියක් තිබුණි.
iv.ඔහු නිතරම සතතාභ්‍යාසය දියුණු කිරීමෙන් විභාගය ජය ගත්තේය.
v.බුදු දහමේදී ප්‍රඥාව යන සංකල්පය වැඩිදියුණු කරයි
Leave a comment