10 ශ්‍රේණිය සිංහල 9 පාඩම

කර්තෘ කාරක වාක්‍ය සහ කර්ම කාරක වාක්‍ය

ලිඛිත අභ්‍යාස

01.පහත දැක්වෙන වාක්‍ය කර්ම කාරකයට හරවා ලියන්න.

1.මම නිරතුරුව ම පොත පත මිල දී ගනිමි.

මා විසින් නිරතුරුවම පොත පත මිල දී ගැනෙයි.

2.විනිසුරු තුමා සැකකරුවන් නිදහස් කළේය.

විනිසුරුතුමා විසින් සැකකරුවන් නිදහස් කරනු ලැබූ හ.

3.උද්‍යොගයෙන් කටයුතු කළ ගොවීහු මේ කන්නයේ සරු අස්වැන්නක් ලැබූහ.

උද්‍යොගයෙන් කටයුතු කළ ගොවීන් විසින් මේ කන්නයේ සරු අස්වැන්නක් ලබන ලදී.

4.මාධවී මීටර සියය ධාවන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තීය.

මාධවී විසින් මීටර සියය ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.

5.ඔවුහු නිකරුණේ අප වෙහෙසූහ.

ඔවුන් විසින් නිකරුණේ අපි වෙහෙසනු ලැබුවෙමු.

02.පහත දැක්වෙන කර්ම කාරක වාක්‍ය කර්තෘ කාරකයට හරවා ලියන්න.

1.සතුරන් විසින් අපි පීඩාවට පත් කරනු ලැබුනෙමු.

සතුරෝ අප පීඩාවට පත් කළෝය.

2.කම්කරුවා විසින් තම සේවා කටයුතු ස්වාමියාට පහදා දෙන ලදී.

කම්කරුවා තම සේවා කටයුතු ස්වාමියාට පහදා දුන්නේය.

3.අධ්‍යක්ෂක තුමා විසින් විද්‍යාලීය නව ගොඩනැගිල්ල විවෘත කෙරෙයි.

අධ්‍යක්ෂකතුමා විද්‍යාලීය නව ගොඩනැගිල්ල විවෘත කරයි.

4.අප විසින් නුඹ දකිනු ලැබුණෙහි.

අපි නුඹ දක්නෙමු.

5.ළමයින් විසින් චිත්‍ර අඳිනු ලබයි.

ළමයි චිත්‍ර අඳිති.


03.පහත දැක්වෙන ඡේද ලිඛිත ව්‍යවහාරයට නගන්න.

1.වනාන්තර මිනිසුන්ට සම්පතකි.ඒවායින් අපට ලැබෙන ප්‍රයෝජන අතිමහත්‍ ය.ඒ බව හඳුනාගත් දූරදර්ශී මිනිස්සු වන සම්පත ආරක්ෂා කර ගැනීමට කටයුතු කරති,අදූරදර්ශී මිනිස්සු වන සම්පත විනාශ කරති.

2.මුදල් ඇමති තුමා අයවැය කතාව ඉදිරිපත් කලේය.පසුගිය වසරේ ආර්ථික සංවර්ධන වැඩ පිළිබඳවත් හඳුන්වා දුන්නේය.මන්ත්‍රීවරුන් අලුත් යෝජනා ඉදිරිපත් කළේය.විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් ද සතුට පළ කලේය.

3.සරසවියට නැවත සිසුහු පැමිණෙති.ජ්‍යේෂ්ඨ සිසුහු නවකයන් ආදරයෙන් පිළිගනිති.සරසවි ඇදුරෝ දේශන කටයුතු ආරම්භ කරති.නවක සිසුහු සතුටින් ඉගෙන ගනිති.

*පිලිතුර පමණි.

Leave a comment