10 ශ්‍රේණිය සිංහල 14 පාඩම.

තොරොක්කෝව

අවබෝධය.

01.තොරොක්කෝවෙන් කසළ අඳින කම්කරුවන් දුටු ර්යොහෙයිගේ පැතුම වූයේ කුමක් ද ?

තමාටත් කම්කරුවක් වීමට සිතීම

02.ර්යොහෙයි නොයිවසිල්ලෙන් බලා සිටියේ කෙබඳු අරමුණක් ඉටුකර ගැනීමේ අභිලාශයෙන්ද ?

තොරොක්කොවේ නැග යාමට නොහැකි වූවාත් තල්ලු කිරීමටත් ඉඩ ලැබේ යැයි අරමුණින්.

03.තොරොක්කෝව තල්ලු කරමින් සිටි තරුණයන් දෙදෙනා සමග මිත්‍ර විය යුතු යැයි ර්යොහෙයි සිතුවේ කුමක් නිසා ද?

තොරොක්කෝවෙ යැමට තිබෙන ආශාව නිසා

04.තරුණයන් දෙදෙනා ඉතා විනීත යැයි ර්යොහෙයි සිතුවේ කුමන හේතු නිසා විය හැකිද ?

‍ර්යොහෙයි තොරොක්කෝව “යාළුවා ,මාත් තල්ලු කරන්න උදවු වෙන්නද ? “ යැයි ඇසූ විට කම්කරුවා “හොඳයි,හොඳයි,එනවා.” කියපු නිසා.

05.ර්යොහෙයි තරුණයන් සමග බොහෝ දුරක් පැමිණ ඇති බව හැඟවෙන කොටස කෙටිකතාවෙන් උපුටා ලියන්න.

“කඳු මුඳුනට පැමිණි විට කඳු ගැට අතරින් මුහුද දිස් විය.බොහෝ දුර ගොස් ඇති බව ර්යොහෙයිට වැටහුනේ එවෙලෙහිය.”

06.ක්‍රමයෙන් ර්යොහෙයිගේ සිතෙහි වූ සතුට පහව යන්නට බලපෑ හේතු ලෙස ඔබ දකින්නේ මොනවා ද ?

ඔහුට නිවසින් බොහෝ දුරට යෑමට සිදු වීමත් සමගය.

Leave a comment