ළඳේ නිසරු නො කරන් අප සියලා
අවබෝධය.
01.’ලීල් නැතිව’ යන කවියේ ‘නුඹ’ යනුවෙන් හඳුන්වා ඇත්තේ කවරෙක්ද ?
අමිත්තතාපාට
02.පහත දැක්වෙන කවි පදවල අදහස ඔබේ වචනයෙන් ලියන්න.
i.අවුලයි වෙන්නේ මෙතනින් යන්නට
- මෙතනින් යාමට හේතුවන අවුලක් සිදුවන ඇතිය යන්නයි.
ii.ගැසී ද බොල තිගෙ දෑසට පටලේ
- ඔබගේ ඇස් දෙක නොපෙනේද.
iii.ළදේ නිසරු නොකරන් අප සියලා
- අපව අවමානයට ලක් නොකරන්න.
iv.හැම කල් මළ දා දෝ සැප වන්නේ
- සැපයක් ලැබෙන්නේ මැරුනට පසුව ද
v.කන්කටුවට කරදර තෙපලන්නේ
- අමිහිරි ලෙස කරදර ගැන කියවීම.
03.’පරමල් පිදුවා දෝ පල දුන්නේ’ මේ ප්‍රකාශයට හේතුව කුමක් ද ?
පූජක බමුණෝ වැනි ස්වාමි පුරුෂයන් ලැබීම
04.බැමිණියන්ගේ බසින් ලැජ්ජාව පත් අමිත්තාපා පිළිබඳ විස්තර කිරීමේ දි කවියා භාවිත කර ඇති උපමාව කුමක් ද ?
අබ සැට ලාසක් පුපුරන ලෙසිනි.
05.බැමිණියගේ බසින් ලැජ්ජ්වාට පත් අමිත්තාපාගෙ හැසිරීම කෙබඳු වී ද ?
ඇය ලැජ්ජාවට පත් වී දත්මිටි නමින් , කම්මුල් දෙක සූරමින් ඉතාමත් ද්වේශ සහගත ලෙස හැසිරුණි.
ලිඛිත අභ්‍යාසය
01.පහත දැක්වෙන වචන සඳහා සමානාර්ථ පදය බගින් පාඩමෙන් උපුටා ලියන්න.
i.දෙනෙතට – ඇස්/දෑස
ii.භවයේ – පෙර කල් ජාතියේ
iii.ප්‍රාර්ථනා කළා – පැතුවා
iv.ප්‍රයෝජන – පල
v.ගර්වයෙන් – එඩිහී/රවාගෙන
vi.මේ කාලයෙහි – මෙකලා
vii.විළියෙන් – ලැජ්ජාවෙන්
viii.කොපුල් – සොඬු
ix.සසනයෙහි – යානේ
x.තදින් – තර කොට
02.පහත දී ඇති උපමාවන්හි ඇතුළත් උපමානය හා උපමේය වෙන් කර දක්වන්න.
i.නරමුල් ඇඟ ඇට කිඹුලකු
- උපමානය – ඇඟ ඇග
- උපමේය – කිඹුලෙකි
ii.කන්නට පැන්නා මෙන් වැලහින්නී
- උපමානය – වැලහින්නී
- උපමේය – කන්නට පැන්නා
03.එළිසමය රැකීමට පහත දැක්වෙන යෙදුම් කවි පෙදෙහි දක්වා ඇති ආකාරය සඳහන් කරන්න.
i.ඉතින් – ඉතින්නේ
ii.බකල් – බකලේ
iii.සියලු – සියලා
iv.වැරටි – වැරටිල්ලා
v.කුදු – කුදුල්ලා
vi.ලෙසින් – ලෙසිනී
vii.රවුළ – රවුළා
viii.වැනිය – වැන්නේ
Leave a comment