10 ශ්‍රේණිය සිංහල 18 පාඩම

ආපදා කළමනාකරණය

අවබෝධය.

01.ආපදාවක් යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ?

ආපදාවක් යනු ක්ෂණිකව හෝ ක්‍රමිකව වර් ධනය වන දෙයක්.

02.ආපදා යන වචනයට දිය හැකි නිර්වචනයක් ලියන්න ?

“ආපදා යනු හදිසි හෝ විශාල අවාසනාවන්ත ව්‍යසනයකි”

-ඔක්ස්ෆර් ඩ් ශබ්දකෝෂය

03.යම් විපතක් අපදාවක් වීමට කරුණු කිහිපයකින් එකක් වත් සම්පූර් ණ විය යුතුය.ඒ කරුණු මොනවා ද ?

යම් විපතක් මිනිසුන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් වීම.

සිය දෙනෙකුට වැඩි සංඛ්‍යාවකට බලපෑමක් ඇති වීම.

04.ආපදා පිළිබඳ ඉතිහාසය පිරික්සීමේ දී අපට හමූ වන මූලාශ්‍රයක් මොනවාද ?

බෞද්ධ සූත්‍රවල

බයිබලය

ජාතක පොත

05.ආපදා කළමනාකරණය යන්නට හැකි නිර්වචනයක් පාඩමෙන් සොයා ලියන්න.

“ආපදා කළමනාකරණය ව්‍යවහාරික විද්‍යවකි.එමඟින් ආපදා පිළීබඳ ක්‍රමවත් සහ විධිමත් නිරීක්ෂණයක් ගවේශනයන් හා විශ්ලේෂණයන් ඇසුරෙන් ආපදාවන් ඇති වීමට පෙර හා පසු ඇති ක්‍රියාවලිය විධිමත් සැලැස්මක් හා ක්‍රමවත් පාලනයක් යටතේ මෙහෙයවනු ලැබේ. ආපදා කළමනාකරණය මගින් ආපදා වළක්වා ගැනීම,ආපදා අවම කිරීම.ආපදා සඳහා සූදානම් වීම.සහනාධාර සැපයීම,පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ගැන විමසීමක් ද කරනු ලැබේ.”


ශබ්ද කෝෂ පරිහරණය

ලිඛිත අභ්‍යාස

01.මෙහි දැක්වෙන ශබ්දකෝෂ පිටුව උපකාර කරගෙන පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

1.පහත දැක්වෙන යෙදුම් සඳහා උචිත තනි වචනය ලියන්න

.යහපත් මිත්‍රයා – කල්‍යාණ මිත්‍රයා

.මිහිරි ඝෝෂය ඇත්තා – ගොස්

.සියලු කලාවන්ට අධිපති දෙවඟන – සරසවිය

.පොළොව නැමැති කාන්තාව – මිහිකත

.රතු තුඩු හා පා ඇති කාන්තාව – හංස

.ධාන්‍ය මඬින ස්ථානය – කමත

Leave a comment