බුද්ධ ධර්මය කෙටි ප්‍රශ්න.

සා/පෙළ විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල කෙටි ප්‍රශ්න සහ පිළිතුරු.

01. ගැටලු වන දී අදෘශ්‍යමාන බලවේග කෙරෙහි අවධානය යොමු නොකොට ගැටලුව විශ්ලේෂණය කර තතු ඇති සැටියෙන් දන හඳුනා ගෙන විසඳුමක් ලබා ගැනීමේ ක්‍රමවේදය බුදු දහමේ හැඳින්වෙන්නේ.

පටිච්ච සමුප්පාදය නමිනි

02. “මට පොත් පාඩම් කරන්න කම්මැලියි. නිතර ම හිත උදාසීන ගතියෙන් පෙළෙනවා.” යනුවෙන් සිසුවකු විසින් කරන ප්‍රකාශය තුළින් හෙළිවන සිතේ ඇතිවන අලස බව හඳුන්වන්නේ.

ථිනමිද්ධය නමිනි.

03. බුදුරජාණන් වහන්සේට කළ මුල් ම ආරාම පුජාව වන්නේ.

බිම්බිසාර රජතුමා කළ වේළුවනාරාම පූජාවයි.

04. මහින්දාගමනයෙන් පසු ලංකාවේ ගොඩනංවන ලද මුල් ම චෛත්‍යය වන්නේ.


  ථුපාරාම චෛත්‍යයයි.

05. පහත සඳහන් ග්‍රන්ථ අතුරෙන් ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ ජනතාවගේ ගුණධර්ම සිරිත් විරිත් ආදිය සකස් කිරීමෙහිලා වඩාත්ම වැදගත් කෘතිය ලෙස සැලකිය හැක්කේ.

පන්සිය පනස් ජාතකයයි.

06. සිංහල කැටයම් කලාවේ විශිෂ්ට නිර්මාණයක් වූ සඳකඩ පහණින් පොළොන්නරු යුගයේ දී ගවයා ඉවත් කරනු ලැබුයේ.

හින්දු ආගමික ක බලපෑම් නිසාය

07. යහපත් පුද්ගලයෙකු කියන දේ කරන, කරන දේ කියන අයතු විය යුතු ය.” බුද්ධ චරිතයෙන් ඉස්මතුවන මෙම ගුණාංගය හැඳින්වෙන්නේ.

යථාවාදී තථාකාරී, යථාකාරී කථාවාදී ලෙස ය.

08. අධ්‍යාපන චාරිකාවේ නියැලුණු ශිෂ්‍ය පිරිස මැදිරිගිරියේ ආගමික නටඹුන් ඇති ස්ථානයට පැමිණිය හ. එහි දී ගුරුතුය විමසුවේ “මෙම ස්ථානයේ නිරීක්ෂණය කළ හැකි දිනට ශේෂ ව ඇති වැදගත් ම කලාත්මක අගය කුමක් ද?” කියය.යි ඊට උචිත ම පිළිතුර වන්නේ.

  වටදාගෙය යන්නයි.

09. රාජ්‍ය පාලකයකු නම් කාලය බලය, බුද්ධි බලය උපරිම වශයෙන් වැය කොට පරාර්ථ සේවයෙහි නිරතවීම.

අර්ථචර්යාව නමින් හැදින්වේ.

10. දැහැමි පාලකයකු තුළ තිබිය යුතු ගුණධර්ම අතරට ගෑනෙත දසරාජධර්මවලට අයත් කරුණක් නොවන්නේ.

භාවිතාවයි.

11. වේදනා විඳීමට අප අකමැති වන්නාක් මෙන් ම අන් අය ද වේදනා විඳීමට අකමැති ය. මෙලෙස තමා ම උපමාවට ගෙන වරදින් වැළකීම.

  අන්තූපනායික ධර්ම පරියාය නමින් හැඳින්වේ. 

12. පාරමිතා පිරිමෙහි දී සෑම අත් පා ආදී ශරීරාංග පවා පරිත්‍යාග කරමින් එකී. ගුධර්ම සම්පූර්ණ කිරීම.

උපපාරමි නම් වේ.

13. අනාගතයේ ගරු බුහුමත්, කීර්ති ප්‍රශංසා, වස්තු සම්පත් ආදිය ඇතිව දීප්තිමත් ජීවිතයක් ගෙවීමට සිසු සිසුවකුට ඒ සඳහා ඍජුව උපදෙස් සපයන ධම්මපද ගාථාව වන්නේ.

“උට්ඨානවතා සතිමතා” යන ගාථාවයි.

14. සියලු බුදුවරයන්ගේ අනුශාසනාව වන සියලු පව් නොකිරීම, කුසල් ඉපදවීම ආදී ඉගැන්වීම් ඇතුළත් ගාථා දෙපදය.

”සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා සන්නයි.

15. මෛත්‍රිය වැඩීමෙන් ලැබෙන ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණ කුමක්ද?

සිහි මුලාවේ කලුරිය කිරීම

16. පරපණ නැසීම, සොරකම, කාමයෙහි වරදවා හැසිරීම යන වැරදි වලින් වැළකීම අරිඅටඟි මයෙහි හැඳින්වෙන්නේ

  සම්මා කම්මන්ත නමින් ය.

17. කුසල් කිරීමට මුල් වන චේතනා තුන.

  අලෝහ, අදෝස අමෝහ නම් වේ.

18. බුදුදහමේ උගන්වන පඤ්චස්කන්ධය.

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වේ.

19. විපාක දෙන කාලය අනුව කර්මය පිළිබඳ ප්‍රභේද දැක්වීමේ දී ඊළඟ භවයේ නොවරදවාම විපාක ලැබෙන කර්ම.

උපපජ්ජවේදනීයකම්ම නම් වේ.

20. පුද්ගලයෙකුගේ ජීවිතයේ දී නිතර නිතර කරනු ලැබූ කර්ම.

ආසන්න කර්ම නමින් හැඳින් වේ.