අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2009 චිත්‍ර කලාව

01. මෙම ඡායාරුවෙන් දැක්වෙනුයේ ඇම්බැක්කේ දේවාලයේ වාහල්කඩ කැටයම් අතුරින් උපුටාගන්නා ලද කැටියමකි.

02. මෙහි කැටයම මව සහ ළමයා නමින් හැඳින් වේ.

03. ගම්පොළ යුගයේ රයපළ තුන්වන වික්‍රමබාහු රජු දවස ඉදිවිනැයියි සැලකේ.

04. මෙහි සමස්ත නිර්මාණය සඳහා යොදා ගෙන ඇත්තේ දැව මාධ්‍යයි.

05. මෙහි නිර්මාණ ශිල්පියා ලෙස දෙල්මඩ මූලාචාරීන්ට ජාතියේ ගෞරවය හිමි වේ.

ප්‍රශ්න අංක 6පිට 10 තෙක් දී ඇති ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සපයන්න

06. ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංශතය වන සෙංකෝලය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ කා හටද ?

ඇස්.පී.චාර්ල්ස්

07. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථා තුනේ දී සිදු වූ වැදගත් සිද්ධි හතරක් අලංකාරාත්මකව සිතුමට නගා ඇති කොළඹ යුගයේ සුප්‍රසිද්ධ විහාරස්ථානය කුමක් ද ?

කැළණි විහාරය

08. ඉන්දීය විජයනගර් ගෘහනිර්මාණ ශිල්ප ක්‍රම අනුව ගම්පොළ යුගයේ කළුගලින් ඉදිකළ ප්‍රතිමාරය කුමක් ද ?

ගඩලාදෙණිය

09. සාංචි ස්ථූපය හා සම්බන්ධ ගල් වැට් හා තොරණ ඉදි කරන ලද්දේ කිනම් රාජ්‍ය සමයක ද ?

සුංග

10. “නුඹලාගෙන් කෙනෙක් මාව සතුරාට පාවා දෙන්නේය” යන අනුවේදනීය පුවත පදනම් කරගෙන නිර්මාණය වී ඇති ලෝක ප්‍රසිද්ධ සිතුවම කුමක් ද?

අන්තිම භෝජන සංග්‍රහය

අංග 11 සිට 15 තෙක් දී වචනවල අර්ථය පැහැදිලි වන සේ සම්පූර්ණ වාක්‍ය බැගින් ලියන්න.

11. ලැපිස් ලැසූලි – දීප්තිමත් නිල් වර්ණය සාදා ගැනීම සදහා ආනයනය කරන ලද පාෂාණ විශේෂයකි.

12. වයිති – පැරණි බිතු සිතුවම් ඇදීමෙන් අනතුරුව ඒ මත ආරක්ෂාව සදහා යොදන ආලේපයකි.

13. යූනුස් – සුප්‍රසිද්ධ කාටූන් චිත්‍ර ශිල්පියෙකි.

14. ක්ෂය  වෘද්ධි – යම් වස්තුවක් ඉදිරියෙන් දැක්වීමේ දී කෙටි වී පෙනීම.
යම්කිසි දිගැති හැඩතලයක් ලගු කොට පෙන්වා ඇති ආකාරය.

15.කෝලම් – ද්‍රවිඩ ජාතිකයන් තම ආගමික හා සංස්කෘතික උත්සව වල දී ගෙමිදුල සැරසීම සදහා යොදනු ලබන සැරසිලි විශේෂයකි.

අංක 16 සිට 20 තෙක් ප්‍රශ්නවල දී ඇති වැකි වල හිස්තැනට සුදුසු වචනය යොදා හිස් තැන් පුරවන්න.

16. ක්‍රි.පූ. 1 සියවසේ වලගම්බා රජු විසින් කරවන ලදැ’යි සැලකෙන නුවර යුගයේ ආවේණික ලක්ෂණ සහිත චිත්‍ර හා මූර්ති රැසක් ඇති ලෙන් පහකින් යුතු දඹුල්ල විහාරය ශ්‍රී ලංකාවේ දක්නටවිශාලතම ලෙන් විහාරයයි.

17. මිසරයේ මීඩම් හි ඉටේට් නම් වූ සොහොන් ගැබෙන් හමු වූ මිසර සාම්ප්‍රදායික ලක්ෂණ හා ස්වභාවික ලක්ෂණ සම්මිශ්‍රව දක්නට ලැබෙන  කුරුලු දඩයම / මිඩම්හි පාත්තයො නමැති සිතුවම එම ශිෂ්ටාචාරය තුළින් හමු වූ අගනා සිතුවමකි

18. අජන්තාවේ 1 වැනි ගුහාවේ දක්නට ලැබෙන නිල් මහනෙල් මලක් අතින් ගත් ආර්ය කුමරකුගේ ලක්ෂණ පිළිබිඹු කෙරෙන රුව පත්මපානී බෝසත් රුව නමින් හැඳින් වේ.

19. වේදනාව, බිය, ත්‍රාසය, මැනවින් නිරූපණය කෙරෙන කිරිගරුඬෙන් නිම වූ ලැවුකුන් මූර්තිය ග්‍රීක මූර්ති කලාවේ අභිමානය කියා පෑමට සමත්ය.

20. විදේශ ආධිපත්‍යයට නතු වී එම සංස්කෘතීන්ට ගැතිකම් කළ ශ්‍රී ලාංකික බොදු බැතිමතුනට බෞද්ධ  චිත්‍ර කලාවක් හඳුන්වා දුන් ඇම්.සාර්ලිස් බෞද්ධ චිත්‍ර කලාවේ පුනරුදයක් ඇති කළ ශ්‍රේෂ්ඨ ශිල්පියෙකි.