සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය

සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු,

සෞඛ්‍යයට බලපාන සාධක තමාගේ පාලනයට ගැනීම මගින් තම සෞඛ්‍ය තත්වය දියුණු කර ගැනීමට පුද්ගලයන්ට හැකියාව ලබාදීමේ ක්‍රියාවලියයි. 

ඉහත නිර්වචනයෙන් පැහැදිලි වන්නේ සෞඛ්‍ය ප්‍රවර්ධනය යනු එක් පුද්ගලයෙකුගේ චර්යාවන්ට පමණක් සීමා නොවූ සමස්ත සමාජයේ ම මැදිහත් වීම් දක්වා විහිදෙන පුළුල් සංකල්පයක් බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා භාවිත කළ හැකි උපාය මාර්ග

i.සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සැකසීම. 

ii.සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම.

iii.සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සේවාවන් ලබා ගැනීම හා සංවිධානය කර ගැනීම.

iv.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය 

v.සෞඛ්‍ය ප්‍රවර්ධනය හිතකර පරිසරයක් ගොඩනැගීම.

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය නගා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග.

i.සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීම.

ii.සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම.

iii.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම.

iv.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය.

v.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සේවාවන් ලබා දීම.

1.සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සැකසීම.

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති කිහිපයක් පහත දැක්වේ.

i.පාසල් දරුවන්ට සෞඛ්‍යය පිළිබඳ නිසි දැනුමක් ලබා දිය යුතු ය.

ii.පාසල් තුළ පිරිසිදු පානීය ජලය සැපයිය යුතු ය.

iii.පාසල් තුළ සෞඛ්‍යවත් ආපන ශාලාවක් පවත්වා ගත යුතු ය.

iv.පාසල් පරිසරය අනතුරු වලින් තොර විය යුතු ය.

v.අවුරුදු 12ට අඩු සිසුන්ට පාසල් දන්ත වෛද්‍ය සේවාව ලබා දිය යුතුය.

vi.පොත් පත් මුද්‍රණයේ දී විවිධ වයස් සීමා සඳහා අකුරු වල ප්‍රමාණය හා වර්ණය පරිදි තිබිය යුතු ය.

vii.විවිධ වයස් සීමා සඳහා මේස, පුටු වර්ග සහ උස ප්‍රමාණ තීරණය වී තිබිය යුතු නිසි ය.

2.සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ඇති කිරීම

භෞතික පරිසරය

පිරිසිදු පානීය ජලය සැපයීම  

ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් සැපයීම – ( සිසුන් 50 කට එක වැසිකිළියක් වන ලෙස) 

මනා අලෝකය හා වාතාශ්‍රය සහිත පන්ති කාමර ගොඩනැගීම 

මැනිසි පරිදි කැලි කසළ ඉවත දැමීම – (මේ සඳහා කසළ කළමනාකරණ ක්‍රම හඳුන්වා දීම) 

ගෙවතු වගාව

දරුවන්ට හානිකර, අනතුරු දායක දෙයින් තොර වීම

ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම 

මානසික පරිසරය

ශිෂ්‍යයන් අවමානයට ලක් නොකිරීම 

හිංසනයෙන් තොර වීම

සියලු ශිෂ්‍යයන්ට එක සේ සැලකීම 

ශිෂ්‍යයන්ට තමන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා උපදේශන සේවාවන් ඇති කිරීම

පාසල් පරිසරය මානසික ආතතියෙන් තොර වීම

සමාජීය පරිසරය

ප්‍රජාතන්ත්‍රික බව ආරක්ෂා කිරීම 

කණ්ඩායම් වැඩ සටහන් සඳහා ඉඩකඩ තිබීම 

මනා ගුරු සිසු සබඳතා තිබිම 

විවේක කාලය ප්‍රයෝජනවත් ව ගෙවීමේ ඉඩකඩ සහ වැඩ සටහන් තිබීම 

විවිධ ක්‍රියාකාරකම් සඳහා සමිති සමාගම් තිබීම 

ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා අවස්ථා ලබා දීම

3.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා ප්‍රජා දායකත්වය ලබා ගැනීම.

පාසලේ පැවැත්වෙන පොදු කටයුතු සදහා දෙමාපියන්ගෙන් සහ ප්‍රදේශ වාසීන්ගෙන් සහයෝගය ලබා ගැනීම.

පාසල් භූමිය තුළ අනතුරු අවම කර ගැනීමට ප්‍රජාව මගින් පාසලේ ශ්‍රමදාන පැවැත්වීම , පාසල් ක්‍රීඩා පිට්ටනිය සකසා දීම වැනි ක්‍රියාවන් සිදු කිරීම.

4.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය

i.සෞඛ්‍යයට හිතකර චර්යාවන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය කුසලතා දියුණු කර ගැනීමය.

ii.නිවැරදි තීරණ ගැනීම – වෙළඳපොළේ ආහාර අතරින් සෞඛ්‍යවක් ගැනීම ආහාර තෝරා 

iii.ඵලදායී සන්නිවේදනය – දැන්වීම්වලින් අදහස් වන දේ නිවැරදිව තේරුම් ගැනීම.

5.සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා අවශ්‍ය සේවාවන් ලබා දීම

   සියලු පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත කාල සීමාවන් තුළ දී පාසල් වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරිම මගින් ඔවුන්ගේ සෞඛ්‍ය දුර්වලතා හඳුනා ගැනීම සහ ඒවාට පිළියම් යෙදීම සිදු කෙරේ.

i.යකඩ පෙති. පණු රෝගය වැළැක්වීමේ පෙති හා ෆෝලික් අම්ලය ලබා දීම.

ii.නියමිත ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම.

iii.හෙජන සෞඛ්‍ය පරීක්ෂක (Public Health Inspector – PHI) සිදු කරන වාර්ෂික පාසල් සනීපාරක්ෂක සමීක්ෂණය.

iv.(School Sanitation Survey) මගින් ලෙඩ රෝග හා අතුරු සහිත ස්ථාන හඳුනා ගැනීම හා ඒවා වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම සිදු වේ.

පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනය ඇගයීමේ නිර්ණායක

i.සෞඛ්‍යවත් ප්‍රතිපත්ති අනුව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව පාසල පිළිගැනීම.

ii.පාසල මගින් ක්‍රියාවට නැංවිය හැකි සෞඛ්‍ය ප්‍රතිපත්ති හඳුනා ගැනීම 

iii.සොඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට අවශ්‍ය උපාය මාර්ග හඳුනා ගැනීම

ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ වන නීති රීති

1. පළමු ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සෞඛ්‍ය දැනුම ලබා දීම අනිවාර්ය වීම (විෂය නිර්දේශ තුළින්) 

2. සෞඛ්‍ය පහසුකම් සැපයීම අනිවාර්ය වීම 

3. සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනය විකිණීම තහනම් කර තිබීම 

4. දුම්වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍ය රැගෙන එම සහ භාවිතය තහනම් වීම

ජීවිතයේ ගුණාත්මක භාවය 

ජීවිතයේ ගුණාත්මක බව යනු ජිවත් වීමේ ආයු කාලය දීර්ඝ කර ගනිමින් ද ලෙඩ රෝග හා දුබලතා වලට පත් වීම අවම කර ගනිමින් ද සතුටින් හා ප්‍රබෝධවත්ව කටයුතු කිරීමයි.

ජීවිතයේ ගුණාත්මකභාවය කෙරෙහි බලපාන සාධක

ජීවිතයේ ගුණාත්මකබව කෙරෙහි බොහෝ සාධක බලපායි. ඉන් කිහිපයක් පහත දැක්වේ.

i.සෞඛ්‍ය තත්වය.

ii.ආර්ථික මට්ටම.

iii.පිරිසිදු පරිසරය 

iv.අධ්‍යාපනය ලබා ගැනීමට ඇති හැකියාව.

v.සුදුසු රැකියාවක් කිරීමට ඇති අවකාශය.

vi.යහපත් පවුල් ජීවිතයක් 

vii.නිදහසේ තීරණ ගැනීමේ හැකියාව 

viii.ජීවිතයේ ආධ්‍යාත්මික අංශය දියුණු කිරීමට ඇති අවකාශය

ගුණාත්මකභාවය ඉහළ මට්ටමක පවතින ප්‍රජාවක දැකිය හැකි ලක්ෂණ

i.වැඩවල යෙදීමේ කාර්යක්ෂමතාව වැඩි වීම 

ii.ආයු අපේක්ෂණය වැඩි වීම (ලංකාවේ පිරිමි අවුරුදු – 70, ගැහැනු අවුරුදු – 79)

iii.බෝ නොවන රෝග ඇති වීමේ ප්‍රවණතාව අඩු වීම

iv.නිවැරදි ආහාර රටා අනුගමනය කිරීම.

v.නිවැරදි ආකාරයට ව්‍යායාම කිරිම හා මානසික ආතතිය පාලනය කර ගැනීම.

vi.දුම්වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් වැළකීම.

vii.ප්‍රතිපත්ති ගරුකව ක්‍රියා කිරීම 

viii.මානසික සුවය වර්ධනය කර ගැනීම සතුටින් සිටීම.

ix.සරල දිවි පැවැත්ම 

x.ඉහළ සාක්ෂරතාව

පුද්ගලයකුගේ ගුණාත්මක බව මැනිය හැකි නිර්ණායක

i.ශරීර ස්කන්ධ දර්ශකය 

ii.ඉණෙහි වට ප්‍රමාණය 

iii.ශාරිරික යෝග්‍යතාව 

iv.මතක ශක්තිය 

v.ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව 

vi.ක්‍රියාශීලිත්වය

vii.ප්‍රසන්න පෙනුම 

viii.ස්වස්ථතාව හා යහපුරුදු 

ix.අන්තර් පුද්ගල සබදතා