
01.දේව ආරාධනාවෙන් පසු ගෞතම බෝසතාණන් තම අවසන් උපත සඳහා පසුබිම නුවණින් සලකා බැලීම,
පංච මහා විලෝකනයයි
02.බෞද්ධ සංඝ සමාජය පහළ වන්නේ,
ඇසළ පුන් පොහෝ දිනකය.
03.සමථ භාවනාවට යොමුවන පුද්ගලයාට තම චරිතයට අනුව තෝරා ගත හැකි කර්මස්ථාන ගණන,
හතළිහකි
04.බුදු දහම අනුව උතුම් බුද්ධ පූජාවක් ලෙස දක්වා ඇත්තේ.
ගිලනුන්ට උපස්ථාන කිරීමයි.
05.පුද්ගලයාට රෝග වැළ දීමට හේතුවන කරුණු අටක් බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒවා අන්තර්ගත වන්නේ,
ගිරිමානන්ද සූත්‍රයේය.
06.“ඔබ වහන්සේ පැවිදි වූයේ කවරෙකු උදෙසා ද? ඔබ වහන්සේගේ ගුරුතුමා කවරෙක්ද? කාගේ දහමක් ද ඔබ වහන්සේ රුචි කරන්නේ?” යන පැනය අසන ලද්දේ,
උපතිස්ස පරිබ්‍රාජක තුමාය.
07.පාරමිතා ධර්ම පුහුණු කරන්නෙකු ජීවිතයට එක්කර ගත යුත්තේ.
උපාය කෞශල්‍ය ඥානයයි.
08.ගෞතම බෝසතාණන් වහන්සේ දාන පාරමී තුසලතාව පූර්ණය කළ ආකාරය දක්වෙන ජාතක කථාවක් වන්නේ,
සස ජාතකයයි.
09.මහා සංඝරත්නය නො වූ පිළිවෙත් පූර්ණය කරන බැවින්,
සුපටිපන්න නම් වෙයි
10.බුදු දහමින් අගය නොකරන කරුණකි.
අමූලිකා ශ්‍රද්ධාව
11.ධර්ම රත්නයේ ගුණ සංඛ්‍යාව වශයෙන්,
හයකි
12.විදර්ශනා භාවිතාවෙන් කෙරෙන කාර්යයක් වන්නේ,
සිතෙහි ඇති කෙලෙස් විනාශ කිරීමයි
13.සතර මහා භූත පිළිවෙළින් අන්තර්ගත වරණය තෝරන්න.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ
14.සිගාලෝවාද සූත්‍රයේ සමාජ සංස්ථා වලට අදාළ යුතුකම් පැහැදිලි කරන තැනදී, එක් සමාජ සංස්ථාවක් යුතුකම් හයක් ඉටු කළ යුතුය. එම සමාජ ස්තරය වන්නේ,
පැවිදි සමාජයයි.
15.වෙනත් කර්මයකින් වළකාලිය නොහැකි වඩාත් බල සම්පන්න කුසලා කුසල කර්ම හඳුන්වන්නේ.
ගරුක කර්ම නමිනි
16.ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමේදී තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක මඟහරවා ගත හැක්කේ.
ප්‍රයෝග සම්පත්තියෙනි
17.බුදුරජාණන් වහන්සේ දොළොස් වෙනි වස ගත කළේ.
වේරංජා නුවර ය.
18.පුද්ගලයාගේ පෙර භවයන් පිළිබඳ දැක ගත හැකි ඤාණය වන්නේ,
පුබ්බෙනිවාසානුස්සති ඥානයයි.
19.පරිපණ නැසීම සොරකම් වැරදි කාම සේවනය යන අතුසළ ක්‍රියාවන්ගෙන් වැළකී. පිරිසිදු කායික ක්‍රියාවන්ගෙන් සමන්විත වීම හඳුන්වන්නේ,
සම්මා කම්මන්ත නමිනි.
20.තණ්හාව මුල්කොට ගෙන සමාජ කලකෝලාහලවල පටිච්ච සමුප්පාදයට අනුගතව ඇති වන අයුරු සඳහන් වන්නේ,
මහා නිදාන සූත්‍රයේ ය.
21.භව තණ්හාව යනු,
මැරෙමින් ඉපදෙමින් දිගින් දිගටම සසර සැප විදීමට ඇති ආශාවයි
22.පුද්ගල දියුණුවට හේතුවන දත් දීම ධර්මානුකූලව හැසිරිම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, නිවැරදි ජීවන වෘත්තීන්හි යෙදීම ආදී ක්‍රියා අන්තර්ගත සූත්‍ර දේශනාව වන්නේ,
මංගල සූත්‍රයයි.
23.කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා යනුවෙන් පැහැදිලි කෙරෙන්නේ.
සතර සතිපට්ඨානයයි.
24.රාජ ධර්මයක් ලෙස දාන සංකල්පයෙන් අර්ථවත් කර ඇත්තේ,
පාලකයා තම රාජ්‍යය ආර්ථික වශයෙන් දියුණු කළ යුතු බවයි.
25.වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස් වලට ගරු කරමින් රාජ්‍ය පාලනය ඉදිරියට පවත්වාගෙන බව පැහැදිලි කෙරෙන රාජ ධර්මය වන්නේ.
සප්ත අපරිහානිය ධර්මයයි.
26.මරණින් මතු දෙවන ආත්මභාවයෙන් පසු ඕනෑම භවයක දී විපාක දෙන කර්ම වන්නේ,
අපරාපරිය වේදනීය කර්මයයි.
27.පුද්ගලයා තිදොරින් කරන අකුසල කර්ම අතර මනෝ කර්ම ගණයට ඇතුළත් නොවන කරුණ වන්නේ,
අදත්තාදානයයි.
28.උදුම්බරඛාදික තැනැත්තාගේ ලක්ෂණය වන්නේ,
තම ආදායම ඉක්මවා වියදම් කිරීමයි. .
29.ආගන්තුක සත්කාරය බුදු දහමේ හඳුන්වා ඇත්තේ,
අතිථි බලි නමිනි.
30.දෙවෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහය දක්වන ලද්දේ.
කාලාශෝක රජතුමා ය.
31.බුදුරජාණන් වහන්සේ ඇති කළ ශාක්‍ය පුත්ත ශ්‍රමණ සම්ප්‍රදාය ථේරවාදී හා මහා සාංඝිත වශයෙන් නිකායයන් දෙකකට වෙන් වූයේ,
දෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
32.පළමු ධර්ම සංගායනාවේදී ධර්ම විනය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යාමට භාණක පරම්පරාවලට පැවරුණි. එහිදී දීඝ නිකාය භාරව කටයුතු කරන ලද්දේ,
ආනන්ද තෙරුන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවයි.
33.පුරා විද්‍යාත්මක සාධක පදනම් කරගෙන විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට පළමුවෙන් ම බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත්තේ,
කණිෂ්ක රජතුමා ය.
34.අනුරාධපුරයේ පිහිටි ඉතා ප්‍රසිද්ධ අවුකන බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් සුදුසු ම ප්‍රකාශය වන්නේ,
ආබද්ධ පිළිමයකි.
35.දෙවරගම්පොළ සිල්වත් තැන, හිරියාලේ නයිදේ. දේවේන්ද්‍ර මූලාචාරිය යන චිත්‍ර ශිල්පීන් අඳින චිත්‍ර අයත් වන්නේ,
මහනුවර යුගයේ චිත්‍ර කලාවටයි.
36.සීගිරි චිත්‍ර අයත් වන්නේ.
අනුරාධපුර යුගයේ චිත්‍ර කලාවටයි.
37.ලංකාවේ පැරණිම සිංහල බෞද්ධ සාහිත්‍ය කෘති වශයෙන් සැලකෙන්නේ.
හෙළ අටුවාය.
38.”දානං සීලං පරිච්චාගං………..” යන ගාථාවෙන් පැහැදිලි කෙරෙන්නේ.
දස රාජ ධර්මය පිළිබඳවයි.
39.ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සමාධි ශික්ෂාවට අයත් නොවන අංගයක් වන්නේ.
සම්මා සංකප්පයයි.
40.තමන් කරන ක්‍රියාවෙහි විපාක තමන් කරා පැමිණෙන බව නුවණින් දැකීම.
කම්මස්සකතා සම්මා දිට්ඨියයි.