
වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේ
ගිහි නම = කුලතුංග බණ්ඩාර
උපන් ගම= උඩරට තුම්පනේ
උපන්දිනය= 1698 ජුනි 18
පැවිදි වූ විය= 16
යුගය= මහනුවර යුගය
සමත්කම් දැක්වූ විෂයන්
සිංහල,පාලි , සංස්කෘත , බුද්ධ ධර්මය , කාව්‍ය ශාස්ත්‍රය
වෙනත් නම්
පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමි
පිහිට වූ සංවිධාන
සිල්වත් සමාගම
උපසම්පදාව
ව්‍ය.ව.1753 දී සියම් රටින් පැමිණි උපාලි මහතෙරුන් වහන්සේ විසින් සරණංකර හිමියන් ඇතුළු හය නමක් උපසම්පදාව ලබා ගැනීම
උසස් වීම්
සංඝරාජ පදවිය ( කීර්ති ශ්‍රී රාජසිංහ රජු )
සිදුකළ විශේෂ සේවා
1.අනුරාධපුර, දඹුල්ල, පොළොන්නරුව ආදී බෞද්ධ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කරවීම
2.මහනුවර පැවැත් වූ දේවාල පෙරහැරට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේට උපහාර දැක්වීමේ මාලිගාවේ පෙරහර ද එක් කිරීමට උපදෙස් දීම.
රචිත ධර්ම ග්‍රන්ථ
1.මුනිගුණාලංකාරය
2.සාරාර්ථ සංග්‍රහය
3.රත්නත්‍රය ප්‍රණාම ගාථා සන්නය
4. සතර බණවර සන්නය
ආදර්ශ
1.ත්‍රිවිධ රත්නය පිළිබඳ අපරිමිත ශ්‍රද්ධාවෙන් යුක්ත වීම
2. ශික්ෂාකාමීව හා අල්පේච්ඡව ජීවත් වීම
3.විවිධ දුෂ්කරතා මැද වුවද අධ්‍යාපනය පිළිබඳ දැඩි ඇල්මක් දැක්වීම
4.සිසු දරුවන්ට උදව් කිරීමට තිබූ කැමැත්ත
5. නිරහංකාර බව
6.ස්ථිර අධිෂ්ඨානය
අපවත් වීම
ව්‍ය.ව.1778 ඇසළ පුර පසළොස්වක පොහොය දින
Leave a comment