10 ශ්‍රේණිය සිංහල 8 පාඩම.

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.

අවබෝධය

1.පහත දී ඇති ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න

1.දේශානුරාගය හා දේශාභිමානය හඳුන්වන්න.

  • දේශානුරාගය :- තම මා භූමිය කෙරෙහි ඇති ඇල්මයි.
  • දේශාභිමානය :- දේශානුරාගී හැඟීම් ඔස්සේ තම ජාත භූමිය පිලිබඳ ඇති වන ආඩම්බරය.

2.දේශාභිමානය ජනනය කිරීමට බලපාන සාධක මොනවාද ?

  • ස්වාභාව සෞන්දර්යය
  • ඓතිහාසික උරුමය
  • ස්වාභාවික සම්පත්
  • සශ්‍ර්‍රීකත්වය
  • සංස්කෘතික උරුමය

3.මහගම සේකරයන්ගේ නිර්මාණයේ ශ්‍රී ලංකාව හැඳින්වීමට යෙදූ පර්යාය පද ලියන්න.

  • රත්නදීප
  • ලංකදිප

4. මෙම භූමිය සාරවත් වූයෙ කුමකින් ද ?

  • ආදි සිංහලේ වීර මී මුතුන්ගේ ලෙයිනි

5.අතීත මුතුන් මිත්තන්ගේ ප්‍රාණවායුව ලෙස ඔහු දක්වන්නේ කුමක් ද ?

  • සාගර බඳු වැව් තලා මතින් ඇදී එන පද්ම රේණූයෙන් සුගන්ධවත් වූ රන් කරල් නමා හමා එන සුලඟයි.

6.ගලන ගංගාවන්ගෙන් නැගෙන හඬින් පැවසෙන්නෙ කුමක් ද ?

  • වීරයන්ගේ ඒ යශෝ ගීතය

7.ශ්‍රී ලංකාව දෙව් ලොවක සිරිය ගත් බව කියැවෙන්නේ කුමන කරුනු නිසා ද ?

  • සතර සංග්‍රහ වස්තුවෙන්,දස රාජ ධර්ම වලින්,මහජයාට කරුණාවෙන් සහ වැසියන්ට සියලු සම්පත් ලාබා දෙමින් දෙවිවරුන් වැනි මහරජවරුන් රට පාලනය කිරීම නිසා.

8.ලංකාව ලොව අගතැන් ගැනීමට බලපෑ කරුණූ මොනවා ද ?

  • යහපත මිස අයහපත කිසි තැනක නොමැති වීම,තමා කැමති වන සියලු යස ඉසුරු එම ආකාරයෙන්ම පැවතීම,නිසි කළ වන්නේ ඵල හට ගැනීම නිසාද ලංකාව ලොව අගතැන් පත්ව ඇත.

9.වෙනත් ස්ථානයක දැකිය නොහැකි දේ සිංහලද්වීපයෙහි ඇත.බාල රාමායණට අනුව ඒ මොනවා ද ?

  • අමා වැනි වදන් ඇති ජනයා
  • මැණීක් ලබා දෙන රෝහණ ජනපදය
  • මුතු උපදින සාගරයද

10.විදේශීය ලේඛකයන්ගේ නිර්මාණ කීපයක්ම උපුටාගත් කොටස් පාඩමේ අන්තර්ගතය.ඒ ලේඛකයන් නම් කරන්න.

  • ශ්‍රී ජයසේකර
  • විලියම් නයිමෝන්
  • විනීග්ස් අයිමාන්තෝව්
  • රොබට් නොක්ස්

ලිඛිත අභ්‍යාස

1.පහත දී ඇති වචන සඳහා ගැළපෙන වචන පාඩමෙන් උපුටා ලියන්න.

  1. නෙලුම් = පද්ම
  2. රුහිරු = ලේ
  3. උතුම් අරමුණ = උදාර අභිප්‍රාය
  4. මවුබිම = මාතෘ භූමිය
  5. රුවන් = මැණීක්

2.විරුද්ධාර්ථවත් පද ලියන්න.

  1. සුසිරිත – දුසිරිත
  2. ස්වාධීන – පරාධීන
  3. රිසි – නොරිසි
  4. දුර්ලභ – සුලබ
  5. උතුම් – අදම

3.පහත සඳහන් පද යොදා අර්ථවත් වාක්‍යය බැගින් ලියන්න.

(වාග් ශක්තිය / පරීපූර්ණ / ආකාර්ෂණීය / වෛවර්ණ / රමණීය )

  1. වාග් ශක්තියෙන් හෙබි කථිකයා ප්‍රේක්ෂක අවධානය දිනා ගන්නා ලදී.
  2. කියවීම තුළින් පරිපූර්ණ මිනිසෙකු බිහි කරයි.
  3. ඔහු එම නිර්මාණය ආකර්ශණීය ලෙස කර තිබුණි.
  4. එම චිත්‍රය වෛවර්ණ ලෙස තිබුණි.
  5. හොර්ටන්තැන්න ප්‍රදේශය දකින්නාට රමණීය ප්‍රදේශයකි.

Leave a comment