10 ශ්‍රේණිය සිංහල 11 පාඩම.

පැරණි ජීවනෝපාය ක්‍රම හා බැඳුණු සිරිත් විරිත්.

අවබෝධය.

01. මෙම පාඩමට තේමාව වී ඇත්තේ කුමක් ද ?

පැරණි ජීවනෝපායන්

02.සිංහලයාගේ පුරාණ ම ජීවනෝපායන් ලෙස මෙම පාඩමේ දැක්වෙන ප්‍රවෘති මොනවාද ?

මැටි කර්මාන්තය , හේන් කර්මාන්තය

03. ඒ ඒ වෘත්තීන් ඔබ හඳුනාගත් පාරම්පරික ඇදහිලි විශ්වාස දෙක බැගින් ලියන්න.

මැටි කර්මාන්තය

  1. වී අස්වැන්න ගෙට ගැනීමෙන් පසු මුලින් සිදු කෙරන ‘අලුත් සහල් පූජාව’
  2. සුබ දින සහ නැකැත් සැලකිල්ලට ගැනීම
  3. අසුබ යැයි සැලකෙන දිනවල මෙන්ම එසේ සලකන හෝරාවන් වලදී ගොවිතැන් කටයුතු සිදු නොකිරීම.

හේන් ගොවිතැන

  1. කෝපයෙන් පුපුරමින් හේන ගිනි ලැම සඳහා නිවසෙන් පිටත් වෙන්නට හැකි නම් ගිනි තැබීමෙ කටයුත්ත වඩා හොඳින් සහ ඉක්මනින් සිදු වන බව ගොවියෝ විශ්වාස කරති.
  2. හේන් කැපූ පසු ගිනි තැබීමට පෙර සත් වරක් සතුන් පළවා හැරීම.

මැටි කර්මාන්තය

  1. මැටි කැපීමට ගඟට බැසීමට පෙර දිය දෝතක් ගෙන සිප ගැනීම
  2. ගොඩට ගෙන මැටි ගොඩගසා එය ආවරණය කර තැබුවේ මල් සහිත කොළ අතු වලිනි.

04. එම යුගය මිනිසා තම පරිසරය හා බැඳුණු සාරධර්මවලට ගරු කළ බවට සාධක දක්වන්න.

i. ගිනි තැබීමට පෙර සතුන් පලවා හැරීම.

ii.ස්වාභාවික පළිබෝධ නාශක මගින් සතුන් පලවා හැරීම.

05. මෙහි සඳහන් වෘත්තීන්හි දී ඔවුන් සතුන් කෙරෙහි දක්වන ලද දයාව ඉස්මතු වන්නේ කවර අවස්ථාවන් වල දී ද ?

සතුන් පලවා හැරීමේදී

06. නූතන තාක්ෂණික හා විද්‍යාත්මක ප්‍රවණතාවට හසුව සිංහල ජන ජිවිතයේ පාරම්පරික උරුමයන් යටපත් වන විට අප කළ යුතු ලෙස ඔබට හැඟෙන්නෙ මොනාවා ද ?

පැරණි ශිල්ප ක්‍රම පිළිබඳව නූතන සමාජය දැනුවත් කිරීම.

Leave a comment