11 ශ්‍රේණිය සිංහල 2 පාඩම

දුකට කියන කවි සී පද

හේනක තිබෙන පැලක්.

අවබෝධය.

01. කවියාගේ සිතට දුක දැනෙන්නේ කුමක් නිසා ද ?

ඔහුගේ පෙම්වතිය ඔහුව හැරදමා ගිය නිසා

02. නෑනා පිළිබඳව මතකයට නංවන සිද්ධි ලෙස කවියා දක්වා ඇත්තේ කුමක් ද ?

  • උඹේ කටින් ගී සීපද අහන්නට තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට
  • උඹයි මායි අපි දෙන්නා එකතු වෙලා කැලේ කපා වල් කොටලා ගිනි තියලා

03. ‘ළමා ළපටි නෑනා’ යන යෙදුමෙන් ධ්වනිතවත වන්නේ කුමක් ද ?

නෑනා ළාබාල වියේ සිටි අයෙකු බවයි

04. මෙහි කථකයා සහ ඔහුගේ නෑනා අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවිතය ගතකල බව ප්‍රකාශ වන පද්‍ය කුමක් ද ?

උබයි මායි අපි දෙන්නා එකතු වෙලා

කැලේ කපා වල් කොටලා ගිනි තියලා

වැවූ කුරක්කන් ගොබ දැන් කළු ගැහිලා

මෝරයි බංඩි මඳ සුළඟට නැමීලා

05.නෑනාගේ කෙළි ලොල් ජීවිතය පිළිබඳව හෑඟීම් ඉස්මතු කර දක්වන පද්‍ය පාඨයක් උපුටා දක්වන්න.

බුලත් හප හප සුළඟට පිබඹින නගේ

ලිඛිත අභ්‍යාස.

01. පහත සඳහන් එක් එක් යෙදුමට සමාන යෙදුම පද්‍ය පන්තියෙන් උපුටා දක්වන්න.

  1. ළාබාල – ළමා ලපටි
  2. නිදා ගන්නවා – නිදි මරන්නේ
  3. මැදියම අවසන් වී – පාන්දරට
  4. සීතල ඇති ජනවාරියේ – දුරුත්තේ
  5. සීතල දරා ගන්න – සීතල උහුලන්ඩ
  6. රැය පහන් වන තුරු – රෑ තිස්සේ
  7. නින්ද ගන්නේ – යන්තම් ඇස පියෙන්නේ
  8. සුළඟට සෙලවෙන – මඳ සුළඟට

02. පහත ඉදිරිපත් කර ඇති එක් එක් යෙදුමේ ව්‍යංගාර්ථ ලියා දක්වන්න.

1.රටා වියපු අත් දෙක මට සිහි වෙනවා

  • ඇය වැඩ කළ සැටි සිහි වීම.

2.ඇඬූ කඳුළු මුහුදට එක් වුණා දෝ

  • අප්‍රමාණව ශෝකයට පත් වීම

3.සිවු පද කියන මම තනියම පැලේයා

  • පාලුව,තනිකම විඳගැනීම

4.පැලේ ගින්න විතරයි තනිව ඇත්තේ

  • ඔහු සමගින් කිසිවෙකුත් නොසිටින බව

5.අනේ ගිරවුනේ මා බය අසාපන්

  • බාහිර අයෙකුගේ පිහිට පැතීම

06.හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ

  • නෑනා සිහියෙන් පෙනීම

07.කුරහන් පැහී මොකටද උඹ නැති දාට

  • වස්තුව සම්පත් ලැබී කුමටද ඔබ නැති විට

08.කුරහන් කපන්නට හේනට වඩින් නගේ

  • වස්තුව සම්පත් ලැබුමට ඔබ පැමිණෙන්න

03. පහත සඳහන් එක් එක් යෙදුම් සඳහා පද්‍ය පන්තියේ ඇතුළත්ව තිබූ ජනවහර ඉදිරිපත් කරන්න

  1. රාටා වියූ – රටා වියපු
  2. එවිට – එතකොට
  3. මැදියම – පානදර
  4. නොමැත – නැතිව
  5. නොහැකිව – නැතිවා
  6. ඔබගේ මුවින් – උඹේ කටින්
  7. ඈතින් – එපිටින්
  8. නැඟණියෝ – නගේ
  9. සොයන්න – සොයාපන්
  10. නිදිවර්ජිතව – නිදි මරන්නේ

Leave a comment