10 ශ්‍රේණිය සිංහල 13 පාඩම

ආචාර්ය ටී.බී.ජයා

අවබෝධය

01.ටී.බී.ජයා මහතාගේ ජනතා සේවය කැපී පෙනෙන්නේ කුමන ක්ෂ්‍රේතයක් සම්බන්ධයෙන්ද ?

අධ්‍යාපන ක්ෂ්‍රේතය

02.පසු කලෙක දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවයන් කල නායකයන්ට ඔහු ගුරුවරයෙක් වූයේ ය එම නායකයන් නම් කරන්න.

පිලිප් ගුණවර්ධන
රොබොට් ගුණවර්ධන

03.ලාංකේය අධ්‍යාපනයට ඔහුගෙන් සිදු වූ සේවය කවරාකර ද

මුස්ලිම් ජනයාගෙ අධ්‍යාපන තත්වය නංවාලනුයේ තව අදහස් දේශක හා ලිපි ලේඛන මගීන් මුස්ලිම් ජනතා අතර ව්‍යාප්ත කිරීම

සිලෝ මුස්ලිම් සඟරාව ඔස්සේ මුස්ලිම් ජනයාට දැනුවත් කිරීම.

මරදාන සහිරා විද්‍යාලය මෙරට ප්‍රථම පෙළේ විද්‍යාලයක් බවට පත් කිරීම

04.නීතිඥවරයකු වීමේ අවස්ථාව ඔහු විසින් අත් හරිනු ලැබුවේ කුමන පරමාර්ථයකින් ද ?

සහිරා විද්‍යාලය නව ජීවනට පත් කිරීමේ පරමාර්ථයෙන්

05.එතුමාට සාහිත්‍ය සූරී උපාධිය පිරිනැමුනේ කුමන ආයතනයකින් ද ?

පජොබ් විශ්ව විද්‍යාලයෙන්

ලිඛිත අභ්‍යාස

01.පාඩමේ එන පහත සඳහන් තද්ධිත පදවල ප්‍රකෘති හා ප්‍රත්‍ය වෙන් කරන්න.එක් එක් වචනය යොදා අර්ථවත් වාක්‍ය බැගින් ලියන්න

i.දීප්තිමත් :- දීප්ති (ප්‍රකෘතිය) + මත් (ප්‍රත්‍ය)

ඇය පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වූවා ය.

ii.නාගරික :- නගර (ප්‍රකෘතිය) + ඉක (ප්‍රත්‍ය)

එම ප්‍රදේශයේ දක්නට තිබෙන්නේ නාගරික පරිසරයකි.

iii.දක්ෂතා :- දක්ෂ (ප්‍රකෘතිය) + තා (ප්‍රත්‍ය)

ඔහු දක්ෂතා රාශියක් යුතු පුද්ගලයෙකි.

iv.බුද්ධිමත් :- බුද්ධි (ප්‍රකෘතිය) + මත් (ප්‍රත්‍ය)

ඔහු බුද්ධිමත් සිසුවෙකි

v.පෞද්ගලික :- පුද්ගල (ප්‍රකෘතිය) + ඉක (ප්‍රත්‍ය)

එහි තිබී ඔහුගේ පෞද්ගලික තොරතුරු රැසක් හමු වුණි.

vi.දේශපානික :- දේශපාලන (ප්‍රකෘතිය) + ඉක (ප්‍රත්‍ය)

ඔහු එම ක්‍රියාව සිදු කලේ දේශපාලනික වාසි ලබා ගැනීම පිණිසය

vii.ප්‍රාථමික :- ප්‍රථම (ප්‍රකෘතිය) + ඉක (ප්‍රත්‍ය)

ඔහු ඉගෙනුම ලැබුවේ පාථමික ශ්‍රේණියක ය.

02. පාඩමෙන් උපුටා ගන්නා ලද පහත සඳහන් පදවල උපසර්ග වෙන් කොට ලියන්න.ඒ එක් එක් වචනය යොදා අර්ථවත් වාක්‍ය බැගින් තනන්න.

i.විරක්ෂා – වි + රක්ෂා

විරක්ෂාවෙන් පෙළෙන ඔවුහු රජයට එරෙහිව කැරලි ගැසූහ.

ii.අයහපත් – අ + යහපත්

ඔවුන් මත්ද්‍රව්‍ය නිසා අයහපත් පුරවැසියන් බවට පත් වුණි.

iii.ප්‍රයෝජන – ප්‍ර + යෝජන

ඔවුහු අමතර පන්තියෙන් උපරිම ප්‍රයෝජන ගත්හ.

iv.අවංක – අ + වංක

ඔවුන් විනයගරුක සහ අවංක සිසුහු වූහ.

v.සංවර්ධනය – සං + වර්ධනය

ශ්‍රි ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි.

vi.අවබෝධ – අව + බෝධ

ඔවුහු එම පාඩම හොඳින් අවබෝධ කර ගත්හ.

Leave a comment