10 ශ්‍රේණීය සිංහල 16 පාඩම

එතෙපුල් අමා හැල්ලෙන්

අවබෝධය

01.බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙනෙහසින් ආනන්ද හිමියන් කළ ක්‍රියාව කුමක් ද ?

ඇතා පැමිණෙන විට බුදුරදුන්ගේ ඉදිරියට ගොස් සිට ගැනීම

02.නාලාගිරි ඇතා දැක බිය පත් ස්ත්‍රිය හැසුරුණේ කෙසේ ද ?

ඇතා සහ බුදුරදුන් මැද ඇගේ දරුවා දමා දිවීය.

03.නාලාගිරි ඇතා බුදුරජාණන් වහන්සේට සමීපවත්ම ශ්‍රද්ධාවන්තයන්ගේ ප්‍රතිචාරය කුමක් වී ද ?

  • අත් වලින් මූණ වසා ගැනීම
  • සමහරුන් එම දර්ශනය බැලීමට නොහැකිව අහක බැලීම
  • සමහරුන් පුදුමයට පත් වී බලා සිටීම

04.බුදුරජාණන් වහන්සේ ඇතා කෙරෙහි දැක්වූ මෛත්‍රිය බුත්සරණ කතුවරයා උපමා කලේ කුමකට ද ?

මහබිජුවකට මහාමෙර පෙරළන්නා සේ

05.බුදුරජාණන් වහන්සේ කට හඬ ඇසුණු විට ඇතා හැසිරුණූ ආකාරය විස්තර කරන්න

කේශර සිංහයකු දුටු ඇත් පැටවකු සේ කන් දෙක සොලවමින් බුදු රුව දෙස ඇස් පිය නොහෙලමින් බලා නැමෙමින් හැකිලෙමින් බුදුරදුන්ගේ ශ්‍රී පතුලට ගොස් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුන් පාමුලෙහි වැඳ වැතිර ගියේ ය.


ලිඛිත අභ්‍යාසය

01.පහත දැක්වෙන යෙදුම්වල අර්ථ ලිහිල් බසින් ලියන්න.

01.බුදුන් තුන් යළක් කියතුදු එලෙසම සිටියහ.

බුදුන් තෙවරක් කීවද එලෙසම සිටියේය.

02.”අකාරණයේ කකුල් කළකුරුවා නොඇවිද මොබ එ”

නිකරුනේ පාද පීඩාවකට වෙහෙසකට පත් කරවාගෙන ඇවිදින්නේ නැතිව මෙදෙසට එන්න

03.තමා දිවි පුදා අභිමුඛයෙහි සිටියහ.

තමාගේ ජීවිතය පූජා කරමින් ඉදිරියේ සිටියා

04.බලා සිටිය නොහෙම්හයි මුහුණ හෙන්නට වන්හ.

බලා සිටීමට නොහැකිව මුහුණ ඉවතට ගන්නට විය

05.පොලොව කුඹල් සකක් සේ පෙරළී උන් වහන්සේ පසු කොට බුදුන් වහන්සේ පසු කොට බුදුන් වහන්සේ පළමු කළෝය.

පොළව සකපෝරුවක් මෙන් පෙරළා උන් වහන්සේ පසු කොට බූදුන් වහන්සේ ඉදිරියට පැමිණවීය

06.එතෙපුල් නැමැති අමා හැල්ලෙන් කෝ ගිනි කඳ නිවී ගිය.

එම වදන් නැමැති අමෘත දිය දහරින් ක්‍රෝධය නැමැති ගිනි කඳ නිවී ගියේය.

02.පහත දැක්වෙන උද්ධෘතයන්හි අවස්ථා සම්බන්ධය දක්වන්න.

01.”පළමුව මා මරා පසු තොප වහන්සේ කරා යව”

ආනන්ද හාමුදුරුවන් විසින් බුදු හාමුදුරුවන්ට නාලාගිරි ඇතා බුදුන් වෙතට පැමිණෙන අවස්ථාවේදී ප්‍රකාශ කරන ලද්දකි.

02.”අකාරණ කකුල් කළකුරුවා නො ඇවිද මොබ ඒ”

බුදුන් වහන්සේ විසින් නාලාගිරි ඇතාට ඇතා කුඩා දරුවා වෙත ගමන් කරන අවස්ථාවේදී

03.”අද මේ ඇත් තෙම මා සිටි මේ වීථියෙහි කිහිඹියකට අන්තරාලයෙන් කලේ වී නම් මාගේ බුද්ධානුභාවයට නුසුදුසුය”

නාලාගිරි හස්තියා තමන් හමු වෙහි වැටී සිටි කුඩා දරුවෙකුට හානි පැමිණවීමට උත්සාහ කළ ආත්මභාෂණයකි.

04.”තා මේ වීථියට හළුයේ අප නිසා මුත් තෙල කුමාරයා නිසා නොවන්නෙ වෙද”

බුදුරදුන් විසින් නාලාගිරි ඇතාට කුඩා දරුවාට හානි පැමිණවීමට පෙළඹුනු අවස්ථාවේදී.

05.”තා බොළඳ ඇයි ද මා බල නුදුටු විරී දැ”

බුදුරදුන් විසින් නාලාගිරි ඇතාට කුඩා දරුවාට හානි පැමිණවීමට පෙළඹුනු අවස්ථාවේදී.

06.”ඌ කරා නොගොස් අප කරා වරැ”

බුදුරජාණන් වහන්සේ විසින් නාලාගිරි ඇතාට කුඩා දරුවාට හානි පැමිණවීමට නාලාගිරි ඇතා පෙළඹුනු අවස්ථාවේදී.

03.එකම අරුත දීම සඳහා කතුවරුන් තිදෙනා විවිධ වචන භාවිතා කර ඇත. පහත දී ඇති වචනවල කතුවරුන් එසේ යොදා ඇති වෙනත් වචන සොයා ලියන්න.

1.ගැහැනියක් – මාගමක් / ස්ත්‍රියක්

2.ඇතෙකි – ඇත් / හස්ති

3.මිහිරි හඬ – මධුර නාද / මධුර ස්වර / ඉතා මිහිරි ඔබගේ

4.අමෘතය – අමා

5.මෙත් – මෛත්‍රිය

6.පාමුල්හි – පාවිට

Leave a comment