11 ශ්‍රේණිය සිංහල 5 පාඩම

රසින් රස මවන සාහිත්‍ය

ලිඛිත අභ්‍යාසය

01.පහත දැක්වෙන වචන සඳහා විරුද්ධාර්ථවත් පද පාඩමෙන් සොයා උපුටා ලියන්න.

1.නො ගැඹුරු – ගැඹුරු

2.සැකයෙන් – නිශ්චිත

3.කල්‍යාණ මිත්‍රයා – මිත්‍ර ද්‍රෝහි

4.අමිහිරි – මිහිරි

5.අසමගිය – සමගිය

6.අප්‍රකට – ප්‍රකට

7.අනවශ්‍ය – අවශ්‍ය

8.අවිනිශ්චිත – නිශ්චිත

9.අධ්‍යාත්මික – බාහිර

10.පටහැනි – එකඟ

02.පහත සඳහන් කොටස් වෙනත් ආකාරයකින් ලියන්න.

1.”එතෙම ගොන් නැතක් වේලා නොදක්නේ ය”

*ඔහු බොහෝ වේලාවකින් ගොනුන් දැක්කේ නැත

2.මම දවස් ගණනක් නිරාහාරයෙන් කිසි බලයක් නැත.

*මම බොහෝ දිනක් නිරාහාරයෙන් සිටි හෙයින් මට කිසිදු ශක්තියක් නැත.

3.තා කළ සේ නො යෙදෙයි.

*ඔබ සිද්ධ කළ පරිද්දෙන් සිදු නොවේ.

4.එයින් ම වරිගෝන්තිය ද වැඩි මැයි.

*එමඟින් ජාතියේ දියුණුවද සිදු විය යුතුය

5.සාමාන්‍යකට නීරස වූවා හේ රස භරිත කෙරෙයි.

*සාමන්‍ය අයෙකුට අමිහිරි වූ දෙය ඔහු රසවත් කරයි.

ප්‍රායෝගික අභ්‍යාස

02.පහත දැක්වෙන වචන තත්සම හා තත්භව වශයෙන් වෙන් කොට වගුගත කරන්න.

තත්සම තත්භව
ශ්වේත උදැල්ල
ප්‍රපාතයෙකවඳුරා
රාජ්‍යයකන්කලු
ඵලාඵලවිහඟ
බ්‍රාහ්මණසැළිය
ව්‍යාඝ්‍රාදීන්ජුගුප්සාව
පද්‍යයපළමු
පරමාර්ථයමුසු
සිඹ
සඳැස්
මාර්ගෝපකරණ
වියරණ

03.පහත සඳහන් උද්ධෘතයන්හි ඇතුළත් තද්භව ත්ත්සම වචන සහිත මිශ්‍ර සිංහල රීතියෙන් රචිත වාක්‍යය බැගින් උපුටා ලියන්න.

1.මහාකපි ජාතකය – සිංහල ව්‍යාඝ්‍රාදීන්ට ගොදුරු වෙමින් මියයන්නේය.

2.සිළුමිණ සඟරාව – ශිෂ්ඨාචාර ගුණය සමග සාම්ග්‍ර්‍යය ද එයින් වර්ගෝන්නතිය ද වැඩේමයි.

3.උද්භිත විද්‍යාත්මක ලේඛනය – සිනිඳු කේශර සහිත පාදීය නිපාත්‍ර හා උපපත්‍ර හරුණු විට අනික් පත්‍ර කේශර රහිතය.

4.සද්ධර්මරත්නාවලිය – මියුරු අඹ සිඹ තුඩු තබා මයුර රස උරා බී

04.සද්ධර්මරත්නාකරයේ සඳහන් ශබ්ද රසය මතු කෙරෙන යෙදුම් පහක් උපුටා ලියන්න.

කුහකුරාව , ගුමුගුමාරවාදීන් , තමාලලතාදී , ලතාකදම්බ , කෙකා සර , නඟා රඟා

05.රාජාවලියේ සඳහන් කථන හා ලේඛන බස මිශ්‍ර වූ වාක්‍යක් උපුටා දක්වන්න.

දෙවැනි පෑතිස්ස රජුගේ මල් රජ්ජුරුවන් ඉන්නා අවධියේම වැව් බඳින්නඩ ගියාහ.

Leave a comment