විශේෂ වාක්‍ය රීති
යංශයාර්ථය
පහත වාක්‍ය නිදොස් කොට ලියන්න
1.සතුරෝ පහර දෙති’යි පාලකයෝ බිහි වූහ.
සතුරන් පහර දෙති’යි පාලකයෝ බිහි වූහ.
2.මා ගමට යති’යි දෙමාපියන් සිතති.
මා ගමට යති’යි දේමාපියෝ සිතති.
3.බමරු දෂ්ට කරති’යි අපි බිය වීමු.
බමරුන් දෂ්ට කරති’යි අපි බිය වීමු.
4.මගීහු මාර්ග නීති පිළිපදිති’යි පොලිස් නිලධාරීහු සිතුවෝය.
මගීන් මාර්ග නීති පිළිපදිති’යි පොලිස් නිලධාරීහු සිතුව්වෝය.
5.පැරැන්නෝ ගස් ගල් වන්දනා කළ’යි බොහෝ දෙනා විශ්වාස කරති.
පැරැන්නන් ගස් වැල් වන්දනා කළ’යි බොහෝ දෙනා විශ්වාස කරති.
‘ඇත ‘,’නැත’ යෝගය
වරහන් තුළින් තෝරා ගෙන හිස්තැන් පුරවන්න.
1.ශිෂ්‍යයෝ පන්තියේ නැත.
2.ක්‍රීඩකයෝ ක්‍රීඩා පිටියේ ඇත.
3.මගීහු බස් රියෙහි.
4.වේදිකාවේ නළුවෝ නැත.
5.ලිපිකරුවෝ කාර්යාලයෙහි ඇත.
පහත වාක්‍ය නිවැරදි කර ලියන්න.
1.ළමයෙක් කථාවක් පවත්වනු ඇත.
ළමයෙකු කථාවක් පවත්වනු ඇත.
2.සංචාරකයෝ සීගිරිය නරඹා ඇත.
සංචාරකයන් සීගිරිය නරඹා ඇත.
3.අපේක්ෂකයෝ විභාගයට සූදානම් වී ඇත.
අපේක්ෂකයන් විභාගයට සූදානම් වී ඇත.
4.කුරුල්ලෝ කැදලි කරා පියාඹනු ඇත.
කුරුල්ලන් කැදලි කරා පියඹනු ඇත.
‘හා’ , ‘සහ’ නිපාත යෝගය
හිස්තැන් පුරවන්න.
1.ශිෂ්‍යයෝ සහ ගුරුවරු පාසලෙහි සිටියහ.
2.ගායකයෝ හා ගායිකාවෝ ගී ගැයූහ.
3.වෙළෙන්දෝ සහ පාරිභෝගිකයෝ සාකච්ඡා කළහ.
4.ගස් සහ වැල් පරිසර අලංකාර කරයි.
5.පුටු හා මේස කාර්යාලයේ තිබේ.
වරහන් තුළින් සුදුසු පදය තෝරන්න.
1.අපි රෝගීන් හා පිළිසඳරෙ යෙදුණෙමු.
2.සිවුපාවෝ කුරුල්ලන් හා වනය අත් හැර යති.
3.ගෙවිලියෝ ගොවියන් හා කුඹුරට යති.
4.පියවරු මවුවරුන් හා විදෙස් ගත වූහ.
5.මම ඔවුන් හා ගමනට එකතු වීමි.
‘සමග’ , ‘කැටුව’ නිපාත යෝගය
සුදුසු පද යොදා හිස්තැන් පුරවන්න.
1.අක්කා යෙහෙලියක සමග පාඩම් කළාය.
2.ගොවියන් නිළධාරීන් සමග සහයෝගයෙන් කටයුතු කළහ.
3.බාලිකාවෝ බාලකයන් සමග ධාවනයෙහි යෙදුණහ.
4.සිංහයා පැටවුන් කැටුව ලෙන තුළට ගියේය.
5.ගුරුවරියන් ශිෂ්‍යාවක කැටුව පාසලට ගියාය.
විකල්පාර්ථ නිපාත යෝගය (හෝ / නොහොත්)
1.නිළධාරීහු නොහොත් පාලකයෝ විදෙස් ගත වූහ.
2.විදුහල්පතිවරු හෝ අධ්‍යක්ෂකවරු සභාව අමතති.
3.ඉංජිනේරුවෝ නොහොත් කාර්මික ශිල්පීහු වැව් අමුණු තැනවූ හ.
4.ක්‍රීඩිකාවෝ නොහොත් ශිෂ්‍යාවෝ කෙළි බිමට පිවිසුණේය.
5.පොලිස් නිළධාරීහු නොහොත් රියදුරෝ මාර්ග නීති කඩ නොකළහ.
සමාර්ථවාචී නිපාත යෝග.
හිස්තැනට සුදුසු පද ලියන්න.
1.පියා හෙවත් තාත්තා දරුවන් ආරක්ෂා කරයි.
2.හිරු හෙවත් දිනකර ලොව බබළවයි.
3.නෙලුම හෙවත් පියුම විල අලංකාර කරයි.
4.චන්ද්‍රයා හෙවත් සඳ ලොවට ම සිසිල බෙදයි.
5.මිහිකත හෙවත් පොළොව අප දරා සිටියි.
උපමාවාචී නිපාත යෝගය.
සුදුසු පදය වරහන තුළින් තෝරන්න.
1.ඔහු දෙවියකු වැනි මිනිසෙකි.
2.අඳ බාලයන් ලෙස නො හැසිරෙව්.
3.අපි යෝධයන් සේ නැගී සිටිමු.
4.ඇය උපාසිකාවක විලස හැසිරුණා ය.
5.මම වාර්තාකරුවෙකු ලෙස පෙනී සිටියෙමි.
Leave a comment