ආර්ථිකය යනු,
මිනිසාගේ අසීමිත වූ ඕනෑ එපාකම් වෙනුවෙන් සීමිත සම්පත් බෙදා හදා ගැනීමේ ක්‍රියාවලිය ආර්ථිකය ලෙස වඩා හොඳින් නිර්වචනය කල හැක.
අංකිත ආර්ථිකය (Digital economy)
තොරතුරු තාක්ෂණය භාවිත කරමින් අන්තර්ජාලය හරහා හෝ වෙනත් පරිගණක ජාලයක් හරහා භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය ‘අංකිත ආර්ථික්‘ වේ.
අංකිත ආර්ථිකයේ ප්‍රවණතා
- ප්‍රතිවෙන්දේසිය (Reverse Auction)
- විද්‍යුත් වෙළඳපොළ (E Market Place)
- කණ්ඩායම් ලෙස මිලදී ගැනීම (Group Purchasing)
ප්‍රතිවෙන්දේසිය (Reverse Auction)
සාමාන්‍ය වෙන්දේසිය :-

- සාමාන්‍ය වෙන්දේසියක් තුල සිදු වන්නේ වෙළෙන්දා විසින් යම්කිසි භාණ්ඩයක් සඳහා මිලක් නියම කිරීමක් සිදු කරන අතර ඉන්පසු පාරිභෝගිකයන් විසින් ලංසු තැබීමක් සිදු කරනු ලබයි.එහිදී වැඩිම මිලකට ලංසු තැබූ පාරිභෝගිකයාට භාණ්ඩය හිමි වන අතර වෙලෙන්දා වැඩි ලාභයක් උපයයි.
ප්‍රතිවෙන්දේසිය :-

- ප්‍රතිවෙන්දේසිය තුළදී සිදු වන්නේ කිසියම් විද්‍යුත් වෙළඳපොලකදි පාරිභෝගිකයකු භාණ්ඩයන් ඉල්ලා සිටින විටකදී වෙළන්ඳන් විශාල ප්‍රමාණයක් අදාළ භාණ්ඩය සඳහා විවිධ මිල ගනන් ඉදිරිපත් කරනු ලබයි.එවිට වෙළෙන්ඳන් භාණ්ඩය විකුණා ගැනීමමේ අරමුණින් වෙළෙන්ඳන් විසින් මිල අඩු කරමින් භාණ්ඩය විකිණීමට උත්සාහ කරයි.එමගින් පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩය මිල දී ගැනීමට හැකි වේ.මෙය ප්‍රතිවෙන්දේසිය නමින් හැඳින්වේ.
විද්‍යුත් වෙළඳපොළ (E – Market Place)

පාරිභෝගිකයන්ට අන්තර්ජාලය හරහා විද්‍යුත් වෙළඳපොලකට ප්‍රවේශ වී භාණ්ඩ තේරීම, භාණ්ඩ මිල දී ගැනීම වැනි කාර්යයන් සිදු කළ හැකිය.එමෙන්ම පාරිභෝගිකයා විසින් මිල දී ගනු ලබන්නෙ ඉලෙක්ට්‍රොනික අයිතමයක් නම් අන්තර්ජාලය හරහා බාගත කර ගැනීමට හකියාවක් තිබේ.
එමෙන්ම පාරිභෝගිකයා විසින් මිලදී ගනු ලබන්නෙ භෞතික භාණ්ඩයක් නම් එම සමාගම විසින් කුරියර් සමාගමක් හරහා පාරිභෝගිකයා හට ප්‍රවාහනය කර දෙනු ලබයි.
එපමණක් නොව ව්‍යාපාරිකයන්ට විද්‍යුත් වෙළඳපොලක් හා ලියාපදිංචි වී තම භාණ්ඩ හා සේවාවන් පාරිභෝගිකයන් වෙතට අලෙවි කිරීමට හැකියාවක් ඇත.
කණ්ඩායම් ලෙස මිල දී ගැනීම (Group Purchasing)
වට්ටම් සහිත මුදලකට භාණ්ඩ හා සේවාවන් මිල දී ගැනීම හා විකිණීම සඳහා පාරිභෝගිකයන් හෝ වෙළෙන්ඳන් එකට එකතු වීමේ ක්‍රියාවලිය කණ්ඩායම් ලෙස මිලදී ගැනීම ලෙස හැදින්වේ.
යම්කිසි භාණ්ඩයක පිටපත් 1ට වඩා වැඩියෙන් මිල දී ගත් විට අදාළ ව්‍යාපාරික ආයතනය විසින් ඒ සඳහා කිසියම් වට්ටමක් ලබා දෙනු ලබයි.
තාක්ෂණය මත ව්‍යාපාර වර්ගීකරණය.
- Pure Click (ඍජු මාර්ගගත වෙළඳ ව්‍යාපාර)
- Pure Brick (ඍජු සාම්ප්‍රදායික වෙළඳ ව්‍යාපාර)
- Click & Brick ( ඍජු මාර්ගගත හා ඍජු සාම්ප්‍රදායික මිශ්‍ර වී කටයුතු කරන ආයතන)
Pure Click (ඍජු මාර්ගගත වෙළඳ ව්‍යාපාර)
අන්තර්ජාලය මගින් පමණක් වෙළඳාම් කටයුතු සිදු කරන ව්‍යාපාරයන් මෙලෙස හැඳින්වේ.
මෙහිදී මුදල් ගෙවීම සිදු වන්නේද ඉලෙක්ට්‍රොනික ආකාරටය.
උදා:- යම්කිසි පුද්ගලයකු විසින් Aliexpress වෙබ් අඩවිය මගින් ඡායා රූප ඇල්බමයක් මිලදී ගැනීම.
Pure Brick (ඍජු සාම්ප්‍රදායික වෙළඳ ව්‍යාපාර)
සාම්ප්‍රදායික ක්‍රමවේදයන් පමණක් භාවිත කරමින් භාණ්ඩ හා සේවාවන් අලෙවි කරණ ව්‍යාපාරයන් මෙම වර්ගයට අයත් වේ .
මෙහිදී මුදල් ගෙවීමද භෞතික ආකාරයට සිදු කළ හැකිය.
උදා:- යම්කිසි පුද්ගලයකු විසින් අසල තිබෙන වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීම
Click & Brick (ඍජු මාර්ගගත හා ඍජු සාම්ප්‍රදායික මිශ්‍ර වී කටයුතු කරන ආයතන)
කිසියම් ව්‍යාපාරික ආයතනයන් මාර්ගගත (Online) ගා සාම්ප්‍රදායික (Offline) යන ආකාර 2කම මිශ්‍ර කොට භාණ්ඩ අලෙවි කරයි නම් එය Brick & Click යන මාදිලියට අයත් වේ.
මෙහිදී මුදල් ගෙවීම සඳහා භෞතික ක්‍රමවෙදය සහ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද වලට අමතරව භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවීම ( Cash On Delivery ) යන ක්‍රම වෙදයන්ද භාවිතා කළ හැකිය.
මාර්ගගතව කිසියම් භාණ්ඩයක් ඇනවුම් කර අදාළ මධ්‍යස්ථානයකින් ලබා ගැනීමත් මෙම ක්‍රමවේදයට අයත් ය.
උදා:- පුද්ගලයකු විසින් Aliexpress වෙබ් අඩවියෙන් ඇනවුම් කළ ඇඳුමක් කුරියර් සමාගමක් හරහා නිවසට ගෙන්වා ගැනීම.
Leave a comment