11 ශ්‍රේණිය සිංහල 8 පාඩම.

සාහිත්‍ය රස වින්දනය සහ විචාරය

අවබෝධය.

1.සාහිත්‍ය රස වින්දනය හා සාහිත්‍ය අතර ඇති වෙනස කුමක් ද ?

සාහිත්‍ය රසවින්දනය යනු පුද්ගල වේදිතයකි ඒ ඔස්සේ පුද්ගලයාට යම් කිසි නිර්මාණයක් රස විඳිය හැක. එහෙත් සාහිත්‍ය විචාරය යනු රසවින්දනයට වඩා එහා ගිය දෙයකි. සාහිත්‍ය විචාරය යනු තමා සාහිත්‍ය නිර්මාණයෙන් විඳි රසය පිළිබඳව කරනු ලබන ප්‍රකාශනයකි.රස විඳින සියලු දෙනාටම යම් කාර්යය නිසි ලෙස කළ නොහැකිය.

2.සාහිත්‍ය කෘතියක් රස වින්දනයේදී හෝ විචාරයේදී හෝ අවධානයට ලක් විය යුතු කරණු මොනවා ද ?

  • සාහිත්‍යකරුවාගේ පරමාර්ථය කුමක් ද ?
  • ඒ සඳහා ඔහු භාවිතා කළ උපක්‍රම මොනවාද ?
  • එකී උපක්‍රම මඟින් ඔහුගේ පරමාර්ථය සාර්ථක විදී අසාර්ථක වීද ?

3.අරමුණ සහ වස්තුවිෂය (අත්දැකීම) අතර වෙනස පහදන්න.

නිර්මාණයෙන් සාහිත්‍යකරුවා අපේක්ෂා කරන දෙයක් වේ නම් අරමුණ වශයෙන් හැඳින්විය හැකිය.එම අරමුණ ඉටු කර ගැනීම සඳහා නිර්මාණකරුවා උපයෝගී කර ගනුයේ වස්තු විෂය යි.

4.සාහිත්‍යකරුවා අත්දැකීම් ලබා ගන්නා මාර්ග මොනවා ද ?

  1. පෞද්ගලිකව ලබා ගන්නා අත්දැකීම්
  2. අනුන්ගේන් අසා දැනගත් අත්දැකීම්
  3. ජනමාධ්‍ය හෝ පොත පත ඇසුරින් ලබා ගන්නා අත්දැකීම්.

5.කාව්‍යාලංකාර ලෙස යොදා ගැනෙන උපමා හා රූපක අතර වෙනස පහදන්න.

  • උපමාව යනු උපමාවාචී නිපාතයක් යොදා ගනිමින් වස්තුවක් සමාන කර දැක්වීම යි.
  • රූපකය යනු නිපාතයක් යොදා නොගෙන වස්තුවක් සතු ලක්ෂණ තවත් වස්තුවකට ආරෝපණය කර දැක්වීම යි.

ලිඛිත අභ්‍යාසය

1.පහත සඳහන් යෙදුම්වල අරුත් ඉස්මතු වන ලෙස වාක්‍ය තනන්න.

1.සාහිත්‍ය කරුවා සතු ප්‍රතිභාශක්තිය අනුව ඔහුගේ නිර්මාණයේ උසස් භාවය වැඩි වේ.

2.අපූර්වත්වයෙන් හෙබි කවිය සැම සිත් පිනවයි.

3.නිර්මාණාත්මක කෘතියක සාර්ථකත්වය විෂයෙහි ඖචිත්‍යය ගුණය අත්‍යවශ්‍ය වේ.

4.පරිකල්පන ශක්තියෙන් හෙබි කවියා උසස් නිර්මාණ බිහි කරණු ඇත.

5.කවියා මේ සඳහා අනුභූතිය වශයෙන් ගනු ලබන්නේ ස්වාභාවික ලොව පවත්නා අපූර්ව නිර්මාණයක් බදු වූ වැහි වලාකුලයි.

2.පහත දැක්වෙන පද්‍යය ඇසුරින් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න.

රිවිබිම්බා යුරු රිවිකුල කමලකර

පියුමම්බා නිතොරට රැඳි උරමැදුර

මොනරම්බා හිමි රූ සිරිහි මනහර

පැරකුම්බා නරහිඳු සඳ දකු මිතුර

1.මේ පදයේ ඇති උපමා දෙකක් උපුටා ලියන්න.

  • රිවිබිම්බා
  • කමලකර

2.මෙයින් රූපක දෙකක් උපුටා ලියන්න.

  • උරමැදුර

3.අනුප්‍රාසය දැක්වෙන අවස්ථාවන් දක්වන්න.

  • රිවිබිම්බා
  • පියුමම්බා
  • මොනරම්බා
  • පැරකුම්බා

4.එළිසමය යොදා ගැනෙන අවස්ථාවක්ක් දක්වන්න.

  • කමලකර
  • උරමැදුර
  • මනහර
  • මිතුර

5.කවියා යොදා ගෙන ඇති විරිත හඳුන්වන්න

  • ගී විරිත / සමතත් විරිත

Leave a comment