දියවර සිරිසර
අවබෝධය
1.පෘථිවියේ ඇති මිරිදිය හා කරදිය ජල ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් දක්වන්න.
කරදිය :- 97%
මිරිදිය :-3%
2.වැව යනු ජල කළමනාකාරණයේ ප්‍රබල සංකේතයකි ? මේ ප්‍රකාශය තහවුරු කිරීමට අදාළ කරුණු පාඩම ඇසුරින් දක්වන්න.
කෙතරම් වියළි දේශගුණයක් යටතේ වුවත් වැව්වල ජලය සිඳී ගියේ නැත.
වාෂ්පීකරණය අවම කිරීම සඳහා නෙළුම , මානෙල් වැනි ජලජ ශාක පැතිරවීමට ඉඩ හැරීම
3.ජලයේ සංස්කෘතික වටිනාකම සාධනය කිරීමට සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු මොනවා ද?
වැවේ ජලය වාෂ්ප වීම අවම කිරීම සඳහා ජලජ ශාක ව්‍යාප්ත කරලීය
වැව ඉහත්තාවේ ගස් ගොම්මනක් සහ කට්ටහඩුවක් පැවතීම නිසා ජලජ සුරක්ෂිත වීම.
වැවක් ආශ්‍රිතව පන්සලක් ඉදි කිරීමෙන් වැවේ අයිතිය පන්සලට පැවරීම ඔස්සේ එහි ජලය රැක ගැනීම
ඇල මාර්ග දඟරාකාරව නිර්මාණය කිරීම සහ ඇළ මාර්ග දෙපස කුඹුක් ගස් වැවීම.
4.ජල කළමණාකරනය උදෙසා අද වන විට ක්‍රියාත්මක වැඩසටහන් හා ව්‍යාපෘති මොනවාද ?
වැසි ජල කළමනාකරණ ටැංකි හඳුන්වා දීම
බින්දු ජල සම්පාදනය හා විසිරි ජල සම්පාදනය
අඩු ජල අවශ්‍යතා සහිත භෝග ජනප්‍රිය වීම
භූගත ජල ගබඩා ඇති කිරීම හෙවත් කුඩා වැව් පොකුණු ආදිය නිර්මාණය කිරීම.
විධිමත් හා අවිධිමත් ලෙස ප්‍රජාව දැනුවත් කිරීම
5. ඇළ මාර්ග දෙපස කුඹුක් ගස් වැවීමෙන් සැලසුණු වාසිය කුමක් ද?
ගලා යන ජලයේ වාෂ්පීකරණය අවම වීම සහ ඇළ කණ්ඩි සේදී යාම වැළැක්වීම.
ලිඛිත අභ්‍යාසය
01.පහත දැක්වෙනුයේ පාඩමෙන් උපුටා ගත් සංවාද කොටසකි.ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.
1.මේ ඡේදය ව්‍යාකරණානුකූලව ලිඛිත භාෂාවෙන් දක්වන්න.
අභ්‍යවකාශයේ සිට නරඹන විට සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාමත් අලංකාර ග්‍රහලෝකය වශයෙන් දිස් වන්නේ නිල් ග්‍රහ ලෝකය වන පෘථිවියයි.පෘථිවි ග්‍රහලෝකය මෙම අලංකාරය ලැබී ඇත්තේ එහි පෘෂ්ඨයෙන් වැඩි කොටසක් ජලයෙන් වැසී ඇති බැවිනි.පෘථිවියෙහි ජීවයෙහි සම්භවයට හේතු වූ ප්‍රධාන සාධක වලින් එකක් වන්නේ ජලයයි.අප වටා ඇති සාගරවල අතිවිශාල ප්‍රමාණයක් ජලය ඇති බැවින්ද ප්‍රධාන විල් හා ගංගා තුළ ද අපට පෙනෙන ලෙසට ක්ෂය නොවන අතිමහත් ජලස්කන්ධයක් ඇති බැවින් ද මනුෂ්‍ය වර්ගයාට කිසි දිනෙක ජල හිඟයක් ඇති නොවේ යැයි බොහෝ විට උපකල්පනය කෙරේ එසේ වුවත් ඉදිරි දශක කිහිපය තුළ දී පිරිසිදු ජලය දුර්ලභ දෙයක් වශයෙන් සාක්ෂ්‍ය ඉදිරිපත් වෙමින් තිබේ.අද වන විට මුළු ලෝකයම පිළිගනුයෙ ජලය යනූ නිරායාසයෙන් ලැබෙන අසීමිත සම්පතක් නොව ආයාසයෙන් ලැබෙන සීමිත සම්පතක් වන බවයි.
2.
උපසර්ග :- අසීමිත , අතිවිශාල , අතිමහත් , උපකල්පනය
නිපාත :- වේ , නිසා , තුළ , යැයි , වූ , වශයෙන් , වන , සිට , විට ,වුණත්
Leave a comment