මහාචාර්ය සේනක බිබිලේ
01.මහාචාර්ය සේනක බිබිලේ විසින් දරන ලද තනතුරු මොනවා ද?
- පස්සර , මඩොල්සියම සහ ලුණුගල රෝහල්වල සේවය කිරීම
- කොළඹ මහ රෝහලේ නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කිරීම
- බිංගිරියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරි තනතුර ලැබිණ
- වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙකු ලෙස සේවය කිරීම.
- වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ අධ්‍යයන අංශයේ ප්‍රධානියා වීම.
- ඇන්ක්ටැඩ් සංවිධා ජ්‍යේෂ්ඨ ඖෂධ ප්‍රතිපත්ති විශේෂඥයා ලෙස සේවය කිරීම
02.ඔහුගේ මුළු ජීවිතයම අයිති යැයි පවසන්නේ කා හටද ? එසේ කීමට හේතුව කුමක් ද?
- ගමේ ගොවි කාන්තාවන්ට
- ඔවුන් සේනක බිබිලේ මහතාගේ කුඩා කාලයේ ඔහුට කිරි පෙවූ නිසා.
03.ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි සැලසුම් කළ ජාතික ඖෂධ ප්‍රතිපත්තියට ඇතුළත් වූ යෝජනා මොනවා ද?
- ලංකාවට අනවශ්‍ය බෙහෙත් වර්ග ගෙන්වීම නතර කිරීම
- රාජ්‍ය ආයතනවලින් පෞද්ගලික අංශයේත් ඖෂධවලට ඖෂධීය හෙවත් නිළ නාමය පමණක් යෙදීම
- මෙරට ඖෂධ ගෙන්වීම සහ මෙරට ඖෂධ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම රජයේ ආයතනයන්ට පැවරීම
- ලංකාවේ ඖෂධ නිෂ්පාදනය , තත්ව පාලන අංශය සහ පර්යේෂණ ආංශය දියුණු කිරීම
- ඖෂධ ගැන විද්‍යාත්මක කරුණු විශ්වාස කටයුතු ලෙස වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවාවන්හි යෙදී සිටින අයටත් මහජනතාවටත් ලබා දී ඔවුන් සතු දැනුම පුළුල් කිරීම
04.විදේශිකයන් පවා මොහු ආදර්ශයට ගන්නා බව දැක්වෙන පාඨය උපුටා දක්වන්න.
“ලංකාව කඳු මුදුනකි.සේනක බිබිලේ එහි බැබළෙන පහනකි.අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප්‍රතිපත්ති හදා ගන්නෙමු”
05.මෙතුමාගේ චරිතයෙන් ඔබට ලබා ගත හැකි ආදර්ශ මොනවා ද?
කැපවීම
උත්සාහවන්ත කම
කලගුණ සැලකීම
Leave a comment