ශ්‍රීමත් අයිවර් ජෙනිංග්ස්
අවබෝධය.
1.දේශපාලන විද්‍යා ක්ෂේත්‍රයට අයිවර් ජෙනිංග්ස්ගෙන් සිදු වූ දායකත්වය විස්තර කරන්න.
1948 ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී නිදහස ලබන විට ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් මෙරටට සම්පාදනය කර දීම
2.ජෙනිංග්ස් අධ්‍යාපනයෙන් ඉහළම තැනට ඒමට හැකි වූයේ කුමක් නිසා ද?
එවකට දක්ෂ දරුවන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමට සැකසී තිබුණු ශිෂ්‍යාධාරා ක්‍රමය
3.විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජෙනිංග්ස් දිවා රෑ වෙහෙසුණු බැව් දැක්වෙන ප්‍රකාශය උපුටා දක්වන්න.
“මා නිරතව සිටි කර්තව්‍ය වන විශ්වවිද්‍යාලයෙන් ගොඩනැංවීම කිසියම් අයකුට භාරදිය හැකි වටිනාම කර්තව්‍යක් වේ. ඒ නිසා එය මට උදේ 9 සිට හවස 4 දක්වා කළ රැකියාවක් වූයේ නැත. එය ඇතැම් විට සවස 4 සිට රෑ 9 දක්වා වූයේ ය.තවත් ඇතැම් විට රෑ 9 සිට උදේ 4 දක්වා වූයේ ය.”
4.මෙහි දැක්වෙන පරිදි නේවාසික විශ්වවිද්‍යාල සංකල්පය මගින් අපේක්ශිත අරමුණු මොනවා ද ?
- ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නේවාසික අවශ්‍යතා සපුරාලීම
- නිරන්තරව ආචාර්ය ශිෂ්‍ය සම්බන්ධතා මගින් හුදෙක් පන්ති කාමරවල සිදු කෙරෙන ශාස්ත්‍ර ගවේෂණයට හා අධ්‍යාපනයට අමතරව සාකච්ඡා හා සම්මන්ත්‍රණ ආදියෙන් ඥානය වර්ධනයටත් සාහිත්‍ය ,සංගීතය නාට්‍ය ආදී කලා කටයුතු ප්‍රවර්ධනයටත් ඉඩ සලසන පරිසරයන් සකසා දීම ය.
5.අයිවර් ජෙනිංග්ස් ග්‍රන්ථ සම්පාදනය කර ඇත්තේ කිනම් විෂය ක්ෂේත්‍රයකටද අදාළව ද?
නීති ක්ෂේත්‍රයට සහ දේශපාලන ක්ෂේත්‍රයට අදාලව
ලිඛිත අභ්‍යාස
1.පහත දැක්වෙන වචනවලට ගැළපෙන විරුද්ධාර්ථවත් පද පාඩමෙන් උපුටා ලියන්න.
1.විවේකී :- අවිවේකී
2.සංකෝචනය :- ප්‍රසාරණය
3.පරාධීන :- ස්වාධීන
4.අවිශිෂ්ට :- විශිෂ්ට
5.දේශීය :- විදේශීය
6.බාහිර :- අභ්‍යන්තර
7.අවිද්‍යාත්මක :- විද්‍යාත්මක
8.අනපේක්ෂිත :- අපේක්ෂිත
9.පසු බස්නා :- නොපසු බස්නා
10.අවමාන :- පැසසුම්
02.පහත දැල්වෙන පදවල ප්‍රකෘති හා ප්‍රත්‍යය වෙන් කරන්න
1.විද්වතුන් :- විද්වත් + උන්
2.ආයතනයක් :- ආයතන + අක්
3.ව්‍යාපාරයේ :- ව්‍යාපාර + ඒ
4.දරුවන්ට :- දරු + අන්ට
5.විශ්වවිද්‍යාලයක් :- විශ්වවිද්‍යාල + අක්
6.විද්‍යාඥයකු :- විද්‍යාඥ + එකු
7.ගවේෂණයට :- ගවේශණ + අට
8.ප්‍රදර්ශනය :- ප්‍රදර්ශ + අනය
9.සිද්ධියෙන් :- සිද්ධි + එන්
10.ගොඩනැගිල්ලෙහි :- ගොඩනැගිල්ල + එහි
03.පහත දී ඇති පද විසන්ධි කොට දක්වන්න.
1.ශාස්ත්‍රාලයෙහි – ශාස්ත්‍ර + ආලයෙහි
2.ශිෂ්‍යාධාර – ශිෂ්‍ය + ආධාර
3.නිරන්තර – නිර + ආධාර
4.ගමනාගමන – ගමන + ආගමන
5.උත්කෘෂ්ටාලංකාර – උත්කෘෂ්ට + අලංකාර
6.ප්‍රධානාචාර්ය – ප්‍රධාන + ආචාර්ය
7. මහෝපකාරී – මහ + උපකාරී
8.චරිතාපදාන – චරිත + ප්‍රධානය
9.නේවාසිකාගාරය – නේවාසික + ආගාරය
10.අභ්‍යන්තර – අභ්‍ය + අන්තර
04.මුලින් දැක්වෙන ව්‍යාකරණ වර්ගයට අයත් නොවන පද තෝරන්න.
කෘදන්ත – ආයතන,සැලසුම්,ගොඩනැගිලි,තිබුණු
05.පහත දී ඇති ත්ද්ධිත පදවල ප්‍රකෘති
දියණි – දිය + අණි
විශිෂ්ටතම – විශිෂ්ට – තම
ශිෂ්‍යත්ව – ශිෂ්‍ය + අත්ව
අනන්‍යතා – අනන්‍ය + තා
ආර්ථික – අර්ථ + ඉක
බුද්ධිමත් – බුද්ධි + මත්
කාර්මික – කර්ම + ඉක
ශිල්පී – ශිල්ප + ඉක
නූතන – නූ + තන
ද්විතීයික – ද්විත්ව + ඉක
06.පහත දැක්වෙන පදවල උපසර්ග වෙන්කොට දක්වන්න
1.ප්‍රථිඵල – ප්‍රති
2.පරිපාලන – පරි
3.පිළිගැනීම – පිළි
4.සම්පාදනය – සම්
5.අතිදක්ෂ – අති
6.නිරීක්ෂණය – නි
7.සුපුෂ්පිත – සු
8.ප්‍රවර්ධනය – ප්‍ර
9.අමුඳ්‍රිත – අ
10.අපකුලපති – උප
07.පහත දැක්වෙන වචන යොදා වාක්‍යය බැගින් ලියන්න.
1.නිර්මාණශීලී දක්ෂ ලේඛකයින් සාහිත්‍යයෙහි අභිවෘධියෙහිලා පුරෝගාමීහු වෙති.
2.සෞඛ්‍ය ආරක්ෂිත ආහාර ලබා ගැනීමෙන් සුවදායක ජීවිතයක් ගත කළ හැකිය.
3.එතුමා ජ්‍යාත්‍යන්තර රැස්වීම් වලට පවා සම්බන්ධ වුණි.
4.ඔහුට පැවරූ භාරධූර කාර්යය ඔහු අකුරටම සිදු කළේය.
5.පළමුවන ලෝක මහා සංග්‍රාමය 1914 -1918 කාලවකවානුවලදී සිදු වුණි.
6.අපි ඔවුන් සමග නිවාඩු නිකේතනයට ගියෙමු.
7.එතුමා ලොව සුප්‍රකට නළුවෙකි.
8.කොළඹ කෞතුකාගාරයේ කලාත්මක නිර්මාණ රැසක් ප්‍රදර්ශනයට තබා ඇත.
9.එතුමා ලොව ශ්‍රේෂ්ඨ චාරිතයකි.
10.ඔහු ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් විය
Leave a comment