11 ශ්‍රේණිය සිංහල 14 පාඩම (Part ii)

සන්ධි.

ලිඛිත අභ්‍යාස.

01.පහත සඳහන් පද විසන්ධි කරන්න.

1.අග්ගළා – අක් + ගළා

2.අත්තම්මා – අත් + අම්මා

3.අස්සැද්දුම – අස් + වැද්දුම

4.කුඩම්මා – කුඩ + අම්මා

5.මුදලිඳු – මුදල් + ඉඳු

02.පහත සඳහන් පද සන්ධි කරන්න.

1.කොස් ඉන්න – කොස්සින්න

2.දුක් පත් – දුප්පත්

3.මුඟු බියලි – මුං පියලි

4.මිහි අංගණය – මහියංගණය

5.පන්හල – පන්නල

03.නිවැරදි පිළිතුර තෝරන්න.

(අ).අල්ලස්, දෑස යන පද පිළිවෙලින් අයත් වන්නේ කවර සන්ධි විධිවලටද?

පූර් ව ස්වර ලෝප සන්ධි, ස්වරාදේශ සන්ධි.

(ආ).ඔවුනොවුන්, සිතියම් යන පද පිළිවෙලින් අයත් වන්නේ කවර සන්ධි විධිවලට ද ?

ස්වර සන්ධි, ගාත්‍රාදේශ සන්ධි.

(ඇ).එකම වර්ගයකට අයත් සන්ධි පද ඇතුලත් වරණය තෝරන්න.

නෙතඟ, ගුරුතුමා, පෙරපර, නැණැති.

(ඈ).මුලින් දී ඇති සන්ධි පදය නිවැරදිව විසන්ධි කර ඇති වරණය තෝරන්න.

දිග්ගල – ළිප් + ගල

(ඉ).මුලින් දී ඇති දෙපදය වැරදි ලෙස සන්ධි කොට ඇති වරණය තෝරන්න.

සං + උපකාර – සමුපකාරය

Leave a comment