ශ්‍රී ලංකාවේ පැරණි නිවාස
අවබෝධය.
01 ‘ස්ථිරවාසීතාව’ යනුවෙන් හැඳින්වෙන්නේ කුමක් ද ?
සංචාරක ජීවිතයෙන් මිදී එක් තැනක දීර් ඝ කාලයක් ජීවත් වීම
02.වැළලී ගිය අතීත තොරතුරු සොයා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් ලියන්න
පුරාවිද්‍යාත්මක කැණීම්
03.ආදී මුතුන් මිත්තන් නිවාස තැනීමට වරිච්චි මැටි භාවිත කිරීමට හේතු වූ කරුණු 2ක් සඳහන් කරන්න.
පහසුවෙන් සොයා ගත හැකි වීම
ස්වාභාවධර්මයට වඩාත් ගැළපීම
04.පැරණි නිවසක පිටුපස කොටසෙහි මුළුතැන්ගෙයක් තිබුණු බවට සාධක මොනවාද ?
කැණීම් වලදි ළිපක් සොයා ගැනීම
යකඩ පිහි කැබලි කිහිපයක් හමු වීම
05.උළුවස්ස යොදා තිබුණේ ඇයි ? එය සවි කර තිබුණේ කෙසේද ?
ඉදිරිපස කොටසින් පසුපස කොටසට ප්‍රවේශ වීම සඳහා
වළවල් හාරා කණු වළලා තිබීම
06.’වල වාසස්ථාන’ ලෙස හැඳින්වූ නිවාසවල සුවිශේෂත්වය කුමක් ද?එවැනි නිවාස සෑදීමට මිනිසුන් පෙළඹීමට හේතු කරුණු මොනවා ද ?
සෙන්ටිමීටර 35 ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙනි
අධික වියළි සුළං සහිත කාලගුණික තත්වය නිසා
07.කැණීම් කරන ලද නිවසෙහි වහළ පිළිබඳ තොරතුරු අතුරුදන්ව ඇත්තේ ඇයි ?
ගිනි ගැනීමකට ලක් වූ නිසා
ලිඛිත අභ්‍යාස.
01.පහත දැක්වෙන පද යෝග්‍ය පරිදි විසන්ධි කර ලියන්න.
ජීවනෝපාය :- ජීවන + උපාය
වෘ ත්තාකාර :- වෘ ත්ත + ආකාර
චතුරස්‍රාකාර :- චතුර + ආකාර
02.මෙහි දැක්වෙන පද අයත් වන ක්‍රියා පද වර් ග ලියන්න.
යමින් – මිශ්‍ර ක්‍රියා
තනා – පූර් ව ක්‍රියා
තිබී – පූර් ව ක්‍රියා
වූහ – අතීත කාල ක්‍රියා
කළහ – අතීත කාල ක්‍රියා
හසු වී – පූර් ව ක්‍රියා
03.පහත සඳහන් වචනවල අනුක්ත රූප ලියන්න.
පුරාවිද්‍යාඥයෝ – පුරාවිද්‍යාඥයන්
මිනිස්සු – මිනිසුන්
කාන්තාවෝ – කාන්තාවන්
04.පහත සඳහන් වාක්‍ය කියවන්න.අදහස හැකි තාක් කෙටියෙන් එක් වාක්‍යකින් දක්වන්න.
ශ්‍රී ලංකාව සතු නිවාස තැනීම් පිළිබඳ ඉතිහාසය පිළිබඳ සාක්ෂි පුරාවිද්‍යාත්මක කැණීම් මගින් තහවුරු වේ.
වලගම්පත්තුවේ නිවසේ ගෙබිම සකස් කර තිබෙන්නේ සෙන්ටිමීටර 35ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙනි.
උඩරංචාමඩමෙන් සොයා ගත් පැරණි නිවසක ගෙබිම ආයත චතුරස්‍රාකාර යුක්තව තනවා තිබූ අතර ගෙබිමට ගල් අතුරා තිබිණි
ශ්‍රී ලංකාව සතු නිවාස තැනීම පිළිබඳ ඉතිහාසය පිළිබඳ සාක්ෂි පුරාවිද්‍යාත්මක කැණීම් මගින් තහවුරු වී ඇති අතර වලගම්පත්තුවේ නිවසේ ගෙබිම සකස් කර ඇත්තේ සෙන්ටිමීටර් 35 ක් පමණ ගැඹුරට පොළොව සෑරීමෙන් වන අතර උඩරංචාමඩමෙන් සොයා ගත් පැරණි නිවසක ගෙබිම ආයත චතුරස්‍රාකාර යුක්තව තනවා තිබූ අතර ගෙබිමට ගල් අතුරා තිබිණි.
Leave a comment