මිණි ගණ සඳෙස් වැනුමෙන්
අවබෝධය
01.පද්‍ය පන්තිය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට වඩාත් නිවැරදි පිළිතුර දී ඇති වරණ අතරින් තෝරා ලියන්න.
1.සමුද්‍රය සූර් යයා වෙත ඇද ගන්නේ,
වෙහෙස දුරු කර නෑවීම සඳහා
2.මලිගිය මල් සමූහයක් ලෙස කවියා වර් ණනා කළේ.
තාරකා සමූහය
3.උදය පරිවතය නම් ගසෙහි මල් ඉත්තක් ලෙස කවියා දකින්නෙ
චන්ද්‍රයා
4.මෙහි වළඹ ගිනි වැට යනු,
සමුද්‍රය පත්ලේ ඇති ගින්නකි.
5.කවියා බැස යන සූර් යයා හැඳින්වීමට භාවිතා නොකළ උපමාව වන්නේ,
සැඳැ වලාකුළුවලින් බඳින ලද රතු ගලක් මෙන් .
6.විෂ්ණු දෙවියන් විසින් කලඹනු ලැබුවේ.
කිරි සයුර
7.සැළලිහිණි කවියා අහස දැක ඇත්තේ
වෘක්ෂයක් ලෙස
8.රාත්‍රිය නැමැති කාන්තාව තම යහන සරසන්නේ
චන්ද්‍රයා නමැති තම ස්වාමියා පැමිණෙන නිසා
ලිඛිත අභ්‍යාසය
01.පහත සඳහන් යෙදුම්වල අර් ථ ලියන්න.
1.කුඹුයොක් සයුර බොත එහි අතත මිණි සේ
අගස්ථි සෘෂි වරයා සගරයේ ජලය අත්ලට ගෙන පානය කරන කල්හි එහි පන්ලෙහි වූ මැණික් මෙන්.
2.උදය රුක සද මල් තැනක සිටි ගත.
උදය පරිවතය නැමැති ගසෙහි මල් කිනිත්තක ශෝභාව ගත්තා වූ චන්ද්‍රයා.
3.කලදෝ කැට නෙලන දිසි වැනි.
දීප්තිමත් රිදී දරුපන තලයක පෙනුනාක් වැනිය
4.පැහැදුළ රිවි මඩල සති පෙනෙස තනෙතට
ප්‍රභාවෙන් බබලන සූර් යයා ඔබේ නෙත් වලට පෙනුනු ඇත.
5.උදය ගිරි සිරසින් පැතිර එන සඳරැස් බලව
උදය නැමැති පර් වතය මුදුනින් පැතිර එන සඳරෑස් බලන්න.
6.නිසසළ සිරි යහන අතුළ කුසුම් විලසින් තුරුවැල සැදෙත.
නිර්මල සිරියහනේ ඇතිරූ මල් මෙන් තාරකා පන්තිය සැදෙයි.
02.පහත සඳහන් යෙදුම් විග්‍රහ කරන්න.
1.කුඹුයොත්
අගස්ති සෘ ෂි වරයා
2.නිසසුරා
චන්ද්‍රයා
3.සුනෙර
මහාමේරු පර් වතය
4.මලිගිය මල්
සමන් මල්
5.වළබ ගිනි වැට
මුහුද අභ්‍යන්තරයෙහි අතැයි සැලකෙන ජලය ඇදගන්නා ගින්නක්
6.අවරගිර
බටහිර
Leave a comment