S.F.T ජීව විද්‍යාව ප්‍රශ්නෝත්තර

1.ජීවින්ගේ මූලික තැනුම් ඒකකය කුමක්ද ?

සෛලයයි

2.සෑදී ඇති සෛල ගණන අනුව ජීවීන් බෙදෙන ප්‍රධාන කොටස් 2ක නම් කරන්න

ඒක සෛලික (සෛ එකකින් පමණක් සෑදී ඇති ජීවීන්)

බහු සෛලික (සෛල වැඩි ගණනකින් සෑදී ඇති ජීවින්)

3.ප්‍රවේණික ද්‍රව්‍ය වශයෙන් හැඳින්වෙන්නේ මොනවා ද?

පරම්පරාවෙන් පරම්පරාවට ජීවියකුගේ ලක්ෂණ ගෙන යන ද්‍රව්‍ය

4.ප්‍රවේණික ද්‍රව්‍ය හඳුන්වන නාමයන් මොනවා ද?

DNA/RNA

5.සෛල සංවිධානය අනුව බෙදෙන ප්‍රධාන කොටස් 2 ක මොනවා ද?

ප්‍රාග් න්‍යෂ්ටික සෛල

සූන්‍යෂ්ටික සෛල

6.ප්‍රාග් න්‍යෂ්ටික සෛල යනු මොනවා ද ?

න්‍යෂ්ටි පටලයක් සහිත සංවිධානය වූ න්‍යෂ්ටියක් නොමැති ප්‍රවේණික ද්‍රව්‍ය සෛල ප්ලාස්මය මධ්‍යයේ අඩංගු සෛල

7.ප්‍රාග් න්‍යාෂ්ටික සෛල වලට උදාහරණ ලියා දක්වන්න

බැක්ටීරියා

සයනොබැක්ටීරියා

8.සූන්‍යෂ්ටික සෛල වල ලක්ෂණ ලියා දක්වන්න.

න්‍යෂ්ටි පටලයක් සහිත සංවිධානය වූ න්‍යෂ්ටියක් ඇති ප්‍රවේණික ද්‍රව්‍ය න්‍යෂ්ටියේ අඩංගු සෛල

9.ඒවාට උදාහරණ ලියා දක්වන්න.

ඇල්ගී

දිලීර

ප්‍රොටසෝවා

ශාක සතුන්

10.පටකයක් යනු කුමක්ද ?

බහු සෛලික ජීවීන්ගේ පවතින නිශ්චිත කාර් යන් හෝ කාර් යන් කිහිපයක් ඉටු කිරීමට හැඩ ගැසුණු භෞතිකව එකිනෙක සම්බන්ධ වූ සෛල සමූහයක් පටකයක් ලෙස හැඳින්වේ.

11.පටක සංවිධානයක් පැහැදිලිව දැකිය හැකි ජීවී කොට්ඨාස නම් කරන්න.

ශාක

සතුන්

12.ශාක පටක බෙදෙන ප්‍රධාන වර් ග 2ක නම් කරන්න.

විභාජක පටක

ස්ථිර පටක

නිශ්චිත කෘ ත්‍යක් ඉටු කිරීමට විභේදනය වී නැත

විභාජනය වීමේ හැකියාවක් ඇත

කඳන් සහ මුල් දිගින් වැඩි වීම.(කෙලවර ඇති විභාජක පටක නිසා)

නිශ්චිත කෘ ත්‍යක් ඉටු කිරීමට විභේදනය වී ඇත.

විභාජනය විමේ හැකියාවක් නැත.

මෘ දුස්තර පටකය

ස්ථුලකෝණාස්තර පටකය

දෘ ඩස්තර පටකය

සජීවී සෛල වේ

සෙලියුලෝස් වලින් සෑදුනු තුනී බිත්ති ඇත

අන්තර සෛලීය අවකාශ ඇත

හරිතලව පිහිටන විට ප්‍රභාසංස්ලේශනය කළ හැකිය.

ශාකවල බහුලතම පටක වර්ගයකි.

ආහාර සංචිත කිරීම.

ඉනි මෘදුස්තර

කඳන්වල සහ මුල්වල බාහිකය

මජ්ජාව

සජීවී සෛල වේ

සෙලියුලෝස්වලින් වලින් සෑදුනු තුනී සෛල බිත්ති ඇත. සෛලවල කොන් ඝන වී ඇත.

අන්තර් සෛලීය අවකාශ තිබිය හැකිය

මුල් වල නැත

කඳ සහ පත්‍රවල පමණක් පිහිටයි.

Leave a comment