දීපාවලී උත්සවය
අවබෝධය.
01.දීපාවලී යන්නෙහි අර්ථය කුමක්ද ?
පහන් හෙවත් ආලෝකය යන අර්ථ ඇති ‘දීප’ යන පදයත් පේළිය හෙවත් දාමය යන අර්ථ ඇති ‘ආවලි’ යන පදයත් එක් වීමෙන් සෑදුනු දීපාවලී යාන්නෙන් ‘ආලෝක පේළිය’ යන අරුත ප්‍රකාශ වෙයි.
02.දීපාවලිය සැමරීම සඳහා පාදක වන පුරාවෘත්ත දෙකක් සඳහන් කරන්න.
ශ්‍රී සම්පත්තියේ දෙවඟන වන ශ්‍රී ලක්ෂ්මිය හෙවත් ශ්‍රී කාන්තාව ක්ෂිර සාගරයෙන් ප්‍රාදුර්භූත වීම.
කෘෂ්ණ දෙවිඳු නරකාසුරයා පරාජය කිරීමේ පුවතද මෙදිනව යෙදේ.
රාවණා පරාජය කිරීමෙන් අවුරුදු 14 කට පසු රාමා සීතා හා ලක්ෂ්මන් යළි ඔවුන්ගේ නිජබිම වන අයෝධ්‍යාවට පැමිණීම.
03.දීපවාලිය නිමිත්තෙන් කෙරෙන පූජා විධි මොනවාද ?
දෙවිවරුන් හා දිව්‍යාංගනාවන් උදෙසා කෙරෙන පුද පූජා
සුවිශේෂි ආහාර පාන
ආලෝක පූජා හා ගිනි කෙළි.
04.ශ්‍රී ලක්ෂ්මියගේ අත් හතරින් සංකේතවත් කෙරෙන ගුණාංග දක්වන්න.
ධර්ම,නාම,අර්ථ,මෝක්ෂ
05.හින්දු බැතිමතුන් ශ්‍රී ලක්ෂ්මිය පිදීමේ අපේක්ෂාව සඳහන් කරන්න.
ජීවිතවලට සමෘද්ධිය
යහපත හා සතුට උදා කරගැනීම
Leave a comment