A/L Ict Python Notes (PART 1)

python යනු ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂාවකි.

python ක්‍රමලේඛන භාෂාවෙන් ලියනු ලබන කේත ඛණ්ඩයක් අර්ථ වින්‍යාසක භාවිතා කරමින් යන්ත්‍ර භාෂාව බවට පත් කරයි.

පළමුවන පරම්පරාව

යන්ත්‍ර භාෂාව භාවිතා විය

10 පමණක් ඇති ක්‍රමලේඛන භාෂාවක් ලෙස හඳුන්වයි.

දත්ත ආදානය කිරීමට අපහසු ප්‍රතිදාන හඳුනාගැනීමට දෝෂ නිවැරදි කිරීම මෙම ක්‍රම ලේඛන භාෂාවේ දුර්වලතා විය

දෙවන පරම්පරාව

Assembly නම් ක්‍රමලේඛන භාෂාව භාවිතා විය

Assembly ක්‍රමලේඛන භාෂාවෙන් ලියනු ලබන කේත ඛන්ඩයක් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා Assembler නම් භාෂා පරිවර්තකයා භාවිතා කරයි

පළමු පරම්පරාවට සාපේක්ෂව දත්ත ඇතුළත් කිරීම ප්‍රතිදානයක් කියවා ගැනීමට දෝෂ නිවැරදි කිරීම පහසු විය.

Assembly යනු සංකේතාත්මක භාෂාවකි.

තෙවන පරම්පරාව

මෙම පරම්පරාව තුළදි ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා භාවිතා විය

ඉංග්‍රීසි භාෂාවෙ නොයෙක් වචන භාවිතා කළ බැවින් මෙය මානව භාෂාවන්ට බොහෝ සෙයින් සමාන විය එම නිසා ඉහළ මට්ටමේ ක්‍රම ලේඛන භාෂා ලෙස හඳුන්වයි

ඉහළ මට්ට්මේ ක්‍රම ලේඛන භාෂාවක් යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කිරීම සඳහා සම්පාදක (Compiler) සහ අර්ථ වින්‍යාසක (Interpreter) භාවිතා කරයි.

උදා:-

Python, Java, Pascal

සිව් වන පරම්පරාව

පරිශීලකයා විසින් ලියනු ලබන කේත ඛණ්ඩයකට ප්‍රභව කේතය යැයි කියනු ලැබේ.

1 හා 0 පමණක් ඇති කේත ඛණ්ඩයක් වස්තු කේතය ලෙස හඳුන්වයි

ප්‍රභව කේතයක් වස්තු කේතයක් බවට පරිවර්තනය කිරීම සඳහා භාෂා පරිවර්තන භාවිතා කරයි

භාෂා පරිවර්තක 03 කි.

  • Assembler
  • Compiler (සම්පාදක)
  • Interpreter (අර්ථ වින්‍යාසක)
Assembler

Assembler භාෂාවෙන් ඇති ක්‍රමලේඛයක් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම සඳහා Assembler භාවිතා කරයි.

Compiler (සම්පාදක)

සමස්ත ප්‍රභව ක්‍රමලේඛයම එකවර වස්තු කේතය බවට පරිවර්තනය කරයි.

Interpreter (අර්ථ වින්‍යාසක)

ඉහළ මට්ටමේ ක්‍රමලේඛන භාෂා යන්ත්‍ර භාෂා බවට පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරයි.

ප්‍රභව කේතය පේළියෙන් පේළිය වස්තු කේතය බවට පරිවර්තනය කරයි.

ක්‍රමලේඛන භාෂාවක ඇති දෝෂයන් (Bugs) ලෙස හඳුන්වයි.

ක්‍රමලේඛන භාෂාවක ඇති දෝෂ හඳුනාගැනීම (Bugging) ලෙස හඳුන්වයි

හඳුගන්නා ලද දෝෂයක් නිවැරදි කිරීම (Debugging) ලෙස හඳුන්වයි.

  • කාරක දෝෂ (Syntax Error)
  • ශබ්දාර්ථ දෝෂ (Logical Error, Symentix Error)
  • Python භාෂාවෙ නීතිරීති නිවැරදිව භාවිතා නොකිරීම නිසා මේවා හට ගනී
  • කාරක දෝෂයක් තිබෙන විට වැඩසටහන් අවසානය දක්වා ක්‍රියාඅත්මක නොවේ

මේවා තාර්කික දෝෂ ලෙස හඳුන්වයි.

  • ලබා දෙනු ලබන තර්කය වැරදීම නිසා හට ගන්නා දෝෂ තාර්කික දෝෂ ලෙස හඳුන්වයි.
  • මෙම වැඩසටහන් අවසානය දක්වා ක්‍රියාත්මක වන අතර අපේක්ෂිත ප්‍රතිදානයක් ලබා දේ.

Leave a comment