ස්වයංචල තාක්ෂණවේදය 1 කොටස

මෝටර් රථයක මූලික පද්ධති සහ ප්‍රධාන කොටස්

මෝටර් රථයකට අවශ්‍ය ජවය නිපදවීම සඳහා යොදා ගනු ලබන උපාංගය ප්‍රාථමික චාලකය ලෙස එන්ජිමක් (Engine) හෝ මෝටටයක් (Motor) භාවිතා කෙරේ.

Engine

මෝටර් රථය ගමන් කරවීම සඳහා ප්‍රාථමික චාලකය මගින් නිපදවෙන ජවය එලවුම් රෝද කරා ගෙන යා යුතු වෙයි. ඒ සඳහා ජව සම්ප්‍රේෂණ පද්ධතියක් යොදා ගැනේ.

එන්ජිමක් මෝටර් රථය ඉදිරිපස (Front Engine) මැද (Mid Engine) හෝ පසු පස (Rear Engine) කොටසෙහි පිහිටුවා ඇත එමෙන්ම එන්ජිමේ නිපදවෙන ජවය ඉදිරිපස රෝද කරා (Front Wheel Drive) හෝ පසුපස රෝද කරා (Rear Wheel Drive) හෝ සියළු රෝද කරා (All Wheel Drive) සම්ප්‍රේෂණය කර ඒවා එළවුම් රෝද ලෙස භාවිත කළ හැකිය.

Transmission System

එන්ජිම සහ ගියර පෙට්ටිය අතර ක්ලචය පිහිටා ඇත. එන්ජිම සහ ගියර පෙට්ටිය අතර ඇති සම්බන්ධතාව අවශ්‍ය පරිදි නැති කිරීම හෝ ඇති කිරීම මෙමගින් සිදු කරයි.

Clutch
  • නිශ්චලත්වයේ සිට ගමන් ඇරඹීම
  • කඳු හෝ පල්ලම් සහිත මාර්ගයක ගමන් කිරීම
  • තැනිතලා මාර්ගයක වේගයෙන් ගමන් කිරීම

වැනි මෝටර් රථයේ විවිධ ක්‍රියාකාරී අවස්ථවන්හීදී එන්ජිමෙන් නිපදවෙන ජවය විවිධ ව්‍යාවර්තයන්ට පරිවර්තනය කර එළවුම් රෝද කරා සම්ප්‍රේෂණය කළ යුතු වේ.අවශ්‍ය පරිදි මෙම වයාවර්ථ පරිවර්තනය සිදු කරනුයේ ගියර පෙට්ටිය මගිනි.

Gear Box

අවර පෙති කඳ මගින් ගියර පෙට්ටිය සහ නිමි එලවුම එකිනෙක සම්බන්ධ කෙරේ.ගියර පෙට්ටිය හරහා සපයනු ලබන ව්‍යාවර්ථය නිමි එළවුම වෙත සැපයීම අවර පෙති කඳ මගින් සිදු වෙයි.

Propeller Shaft

නිමි එලවුම සහ ආන්තරය / ආන්තර කට්ටලය නිවෙස්නාව අභ්‍යන්තරයෙහි පිහිටුවා ඇත.අවර පෙති කඳ ඔස්සේ ලැබෙන ව්‍යාවර්ථය අංශක 90 කෝණයකින් හරවා පදවන අක්ෂ දඬු වෙත සැපයීම නිමි එළවුම මගින් සිදු කෙරේ.

Final Drive & Differential

මෝටර් රථයක් වංගුවක ගමන් කිරීමේදී විශාල අරයක ගමන් කරන රෝදය (පිටත රෝදය) කුඩා අරයක ගමන් කරන රෝදයට (ඇතුළත රෝදය ) වඩා වැඩි දුරක් ගමන් කරයි.එබැවින් පදවන රෝද යුගලයක් දණ්ඩකින් දෘ ඩව සම්බන්ද කළ විට අඩු දුරක් ගමන් ගන්නා රෝදය ඇදි යෑමකට (Drag) ලක් වෙයි.මෙය වැලැක්වීම සඳහා යොදා ගන්නා යාන්ත්‍රණය අභ්‍යන්තර (Differential)නම් වේ.

නිමි එළවුම සහ ආන්තර කට්ටලය පදවන රෝද සමග සම්බන්ධ කිරීමට පදවන අක්ෂ දඬු යොදා ගැනේ.මෙමගින් නිමි එළවුමක් ලැබෙන ව්‍යාවර්තය පදවන රෝද වෙත සැපයීම සිදු කෙරෙයි.

Drive Axel

අක්ෂ දඬු ඔස්සේ ලැබෙන ව්‍යාවර්තය මෝරර් රථයේ චලිතයට පරිවර්තනය කිරීම සඳහා පදවන රෝද භාවිතා කරයි.

Leave a comment