ස්වයචල තාක්ෂණවේදය 2 කොටස

Fuel Supply System
Fuel Supply System (Diesel)

මෝටර් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වාභාවය,රැකගෙන යන භාරයේ විශාලත්වය සහ අවශ්‍ය ධාවන වේගය අනුව එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වයද එකිනෙකට වෙනස් විය යුතුය

එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වයද එකිනෙකට වෙනස් විය යුතුය.එන්ජිමෙන් නිපදවෙන ජව ප්‍රමාණය ඊට සපයනු ලබන ඉන්ධන ප්‍රමාණය අනුව පාලනය කෙරේ.

ඒ අනුව අවශ්‍යතාවය පරිදි නිවැරදි ඉන්ධන ප්‍රමාණයේ එන්ජිම තුළට ලබා දීම සඳහා ඉන්ධන සැපයුම් පද්ධතිය යොදා ගැනෙයි.

Ignition System
Ignition System

පෙට්‍රල් ඉන්ධනයෙන් ක්‍රියාකරන එන්ජිම තුළ ඉන්ධන දහන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා උපකාරවන පද්ධතිය ලෙස හැඳින්වෙයි.

Cooling System
Cooling System

ඉන්ධන දහනයේදී නිපදවෙන අධික තාපයෙන් එන්ජිම ආරක්ෂා කරගැනීම සඳහාද එන්ජිම උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව ක්‍රියා කිරීම සඳහා ද එන්ජිම් ක්‍රියාකාරි උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක තබාගත යුතුයි.

Lubrication System
Lubrication System

එන්ජිමත් එකිනෙක ස්පර්ශව පවත්නා චලනය වන පෘෂ්ඨ රාශයකින් සමන්විත වෙයි

එන්ජිම ක්‍රියාකාරී වන විට එම පෘෂ්ඨ අතර ඇති වන ඝර්ෂණ බල, එන්ජිමෙන් උපරිම ජවයන් ලබා ගැනීමට බාධාවක් වෙයි

මෙම ඝර්ෂණ බල අවම ෆ්කර ගැනීම සඳහා එම මුහුණත් ස්නේහනය කළ යුතු අතර, එම කාර්යය ඉටු කර ගැනීම සඳහා ස්නේහන පද්ධතියක් උපයෝගී කර ගැනේ.

Braking System

ධවනය වන මෝටර් රථයක වේගය බාල කිරීමද්, අවශ්‍ය විටෙක නැවැත්වීම ද නවතා ඇති මෝටර් රථයන් චලනය වනොවන සේ ආරක්ෂා සහිතව පවත්වා ගැනීමටද නැවතුම් තිරිංග (Parking Brake) යෙදීම සඳහා ද රෝධක පද්ධතිය මඟින් සිදු කෙරෙයි.

Electrical System
Electrical System

එන්ජිම පණ ගැන්වීම, විදුලි පහන් දැල්වීම, වා මුව පිස්නා ක්‍රියාත්මක කිරීම, මාර්ග භාවිත කරන අන් අයව විවිධ සංඥා නිකුත් කිරීම යනාදී නොයෙක් ක්‍රියාකරම් සඳහා විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණ රැසක් මෝටර් රථවල අන්තර්ගත කර ඇත.ඒවාට අවශ්‍ය විදුලිය සැපයීම සඳහා විදුලි පද්ධතිය යොදා ගැනේ.

Steering System
Steering System

මෝටර් රථය ක්‍රියාකරවන්නා විසින් අවශ්‍ය විටෙක එය ගමන් කරනු ලබන දිශාව වමට හෝ දකුණට හරවා වෙනස් කිරීම සඳහා සුක්කානම් පද්ධතියක් යොදා ගනු ලැබේ.

Suspension System
Suspension System

මාර්ගයේ ඇති විෂමතා නිසා ඇතිවන ගැස්සීම් හා වාහනය ත්වරණය වන විට වේගය බාල වන විට සහ හැරවීමේ දී ඇති වන අසමතුලිත බල හේතුවෙන් මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීම සඳහා අවලම්භන පද්ධතිය භාවිත කෙරේ.

Vehicle Body & Chassis
Body & Chassis

මෝටර් රථයක බඳෙහි (Body) සහ චැසියෙහි (Chassis) එකතුව සැකිල්ල ලෙස හඳුන්වනු ලැබේ.එහි ඉහත කී සියලු පද්ධති අන්‍යෝන්‍ය ලෙස සම්බන්ධ කර ඇත.

ගමන් කරනු ලබන මගින්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැපයීමද සැකිල්ල මගින් සලසනු ලබන තවත් මෝටර් රථයක අන්තර්ගත කර ඇත

Leave a comment